සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේ දී ම රනිල් , කබ්රාල් ගැටෙති

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සර්ව පාක්ෂික සම්මේලනය ආරම්භයේ දී ම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ කබ්රාල් මහතා කළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විවේචනයක් එල්ල කළ බව වාර්තා වෙයි.

වර්තමාන ආර්ථික අර්බුදයට පසුගිය ආණ්ඩුවට වරද පටවමින් කබ්රාල් මහතා කළ ප්‍රකාශයක් නිසා කෝපයට පත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමාට මේ සියල්ලට පිළිතුරු දිය හැකි වුවත්, තමා පැමිණියේ ඒ සඳහා නොවන බවයි. කෙසේ වෙතත්, ඒ කාලයේ ජනතාවට ආහාර හිග නොවූ බවත්, පෙට්‍රල් ඩීසල්, ගෑස් , කිරිපිටි පොලිම් නොවූ බව පමණක් පවසන බවත්, වික්‍රමසිංහ මහතා කියා තිබේ.

එමෙන් ම විපක්ෂයේ පක්ෂ කිහිපයක් සමුළුව වර්ජනය කොට ඇතත්, තමා පැමිණියේ ඔවුන් පරාජය කරන්නට නොවන බවත්, කී වික්‍රමසිංහ මහතා කීවේ මෙහි දී ප්‍රයෝජනවත් දේ සාකච්ඡා කොට අනෙක් පක්ෂ ද හවුල් කරගෙන ඉදිරි වැඩ පිළිවෙළකට යාම තමාගේ අපේක්ෂාව බව යි.

මෙහි දී කතා කළ ජනාධිපතිතුමා කීවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සිත රිදුනේ නම් තමා සමාව ඉල්ලන බව යි. එමෙන් ම මෙහි දී දේශපාලනය කිරීම නවතා , මෙයට නොපැමිණි පක්ෂ ද ඉදිරියේ දී සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *