බොරු චෝදනා මත නිවාඩු යැවූ වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිග වැටුප් සමග සියලු දීමනා ගෙවන්න තීරණය කරයි.

වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා එල්ල කරමින් කුරුණෑගල රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප්, දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය .

තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම දැනුම්දීම කරනු ලැබීය.

සාෆි සහබ්දීන් වෛද්‍යවරයාට එල්ල කළ චෝදනා පදනම් විරහිත බව මේ වන විට තහවුරු වී තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබීය .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *