කබ්රාල් , බැසිල් දෙදෙනා ම ඉවත් කළ යුතුයි – හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් කියති

රටේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේත් හිතුවක්කාර තීරණ සහ ඒ දෙදෙනා අතර ද අන්‍යොන්‍ය සම්බන්ධයක් නොමැතිකම බවත්, එම දෙදෙනා ම තනතුරුවලින් ඉවත් නොකර වත්මන් අර්බුදයෙන් ගොඩ යා නොහැකි බවත්, හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළහ.

මහ බැනු අධිපතිවරයා එක් එක් අවස්ථාවල එක් එක් දේ කියන බවත්, ඔහු කියන කිසි දෙයක් සිදු නොවන බවත්, රට බලවත් අර්බුදයකට යාම පමණක් සිදු වී ඇති බවත්, ඔවුහු පෙන්වා දෙති.

මහ බැංකු අධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා එකිනෙකාගේ මුහුණ නොබලන තත්ත්වයක් ඇති බවත්, එබඳු තත්ත්වයක් තබාගෙන ආර්ථිකය බේරාගත නොහැකි බවත් ඔවුහු වැඩි දුරටත් කියති.

හිටපු ආණ්ඩුකාරවරුන් වන රජිත් කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරතන, අසාත් සාලි තිදෙනා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළහ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාත්, යන දෙදෙනා ම තනතුරුවලින් ඉවත් කිරීම ආර්ථික අර්බුදය විසඳීමේ පූර්ව කොන්දේසියක් වී ඇති බව මෙම තිදෙනා ගේ අදහස වී තිබේ.

මහ බැංකු අධිපතිවරයා යටතේ විදේශ විනිමය අර්බුදය උග්‍ර වී භාණ්ඩ හිගයකට සහ පෝලිම් යුගයකට රට ගමන් කොට තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුලෙන් ද විවේචන එල්ල වන බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *