ජේ ආර්, ප්‍රේමදාස ජනාධිපතිවරු මහ රෑත් කතාකර විපක්ෂයේ අපේ අදහස් විමසුවා ; අප පත් කළ ආණ්ඩුවේ නායකයින් හමුවෙන්නවත් බැහැ – කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර

ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස ජනාධිපතිවරුන් එකල විපක්ෂයේ පක්ෂ නායකයකු සහ මන්ත්‍රීවරයකුව සිටි තමාගෙන් මහ රෑ පවා කතා කොට අදහස් විමසු බවත්, දැන් තමන් පත්කරගත් ආණ්ඩුවේ නායකයින් වූවමනාවකට වත් හමුවෙන්න බැරි බවත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ය.

ජාතික අර්බුදයක දී සියලු පක්ෂවල අදහස් විමසීම රාජ්‍ය නායකයින් කළ යුතු නමුත් දැන් එම අවස්ථාව ද ඉක්ම ගොස් ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙම රජයේ නායකයින් වෙනත් පක්ෂවල තබා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අදහස්වලට පවා සවන් නොදෙන බව ගුණසේකර මහතා පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 කණ්ඩායම විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වන ඩිව් ගුණසේකර මහතා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කලක් සේවය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *