ආර්ථිකය වනසන බහිරවයෝ – ආචාර්ය සරත් අමුණුගම

කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ නොවෙමි. වෙනත් ඕනෑම අර්බුදයකදී මෙන්ම මේ අර්බුදයට බලපෑ ඓතිහාසික තත්ත්ව හා වර්තමාන සන්දර්භයක්ද තිබේ. මෙම අර්බුදය ඉතිහාසයේ ගත් තීන්දු තීරණ හේතුවෙන් හටගත් එකකැයි කිව නොහැකිය. එසේම වත්මන් සන්දර්භය නිසා උද්ගත වූවකැයි ද පැවසිය නොහැකිය. එම තත්ත්ව දෙක සමගම මේ අර්බුදය බැඳී ඇත.

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ ආර්ථිකය උඩු යටිකුරු වූ බව අපි දනිමු. වෙනත් රටවල් සමග සන්සන්දනය කිරීමේදී අපට ලංකාවේ තත්ත්වය ගැන සතුටු විය හැකිය. ඉන්දියාව චීනය සහ ඇතැම් බටහිර යුරෝපා රටවල තවමත් මේ වසංගතය එදිනෙදා කටයුතුවලට බලපෑම් එල්ල කරමින් තිබේ. එහෙත් ලංකාවේ බොහෝ දුරට එම තත්ත්වය සමනය කර ඇත.

කෙසේවෙතත් එහි ගෝලීය බලපෑම මෙරටටද දැනේ. මේ සන්දර්භයේ අපට කළ හැකි කටයුතු රාශියක් ඇත. සෑම විටම අතීතයට දොස් නගමින් සිටිය නොහැකිය. ගත වූ වසර දෙකහමාරක කාලයේදී අප අතින්ද ප්‍රතිපත්තිමය වැරැදි සිදු වූ බව කිව යුතුය. අර්ථ ශාස්ත්‍රීය ප්‍රවේශයකින් මට එම අඩුපාඩු විස්තර කළ හැකිය.

ආණ්ඩුව සත්භාවයෙන් යුතුව ගත් ඇතැම් තීරණ වුව වැරැදුණු අවස්ථා තිබිණි. පළමු වැරැදි ප්‍රතිපත්තිමය තීරණය නම් වැට් බදු ප්‍රතිශතය අඩු කිරීමයි. එමගින් රජයට අහිමි වූ වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 500 කි.

එය තනිකර ප්‍රතිපත්තිමය තීන්දුවකි. ඊට කලින් පැවති වැට් බදු ක්‍රමය අහෝසි කළේය. එවකදී කොවිඩ් වසංගතය නොතිබුණු අතර එම තීන්දුව සත්භාවයෙන් යුතුව ගත් එකක් විය හැකිය. එහෙත් මේ වන විට එම තීරණයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ. වසර දෙකක් ඇතුළත මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් ට්‍රිලියනයක බදු ආදායමක් එයින් රජයට අහිමි විය. අප ගැසුවේ වැරදි තුරුම්පුවකි.

ඊට කලින් පැවති වැට් බදු ක්‍රමය අහෝසි කළේය. එවකදී කොවිඩ් වසංගතය නොතිබුණු අතර එම තීන්දුව සත්භාවයෙන් යුතුව ගත් එකක් විය හැකිය. එහෙත් මේ වන විට එම තීරණයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ. වසර දෙකක් ඇතුළත මහා භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් ට්‍රිලියනයක බදු ආදායමක් එයින් රජයට අහිමි විය. අප ගැසුවේ වැරදි තුරුම්පුවකි.

දෙවැනි ප්‍රශ්නය ඇති වූයේ කෘෂිකර්මය සම්බන්ධයෙන් ගත් තීන්දුවේදීය. කාබනික ගොවිතැනට යොමු වීමට ගත් තීන්දුව ඉතාම හොඳ එකකි. එහෙත් එය අවුරුදු දෙකකින් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවෙයි. මගේ නිරීක්ෂණය අනුව ආණ්ඩුව ගත් එම ප්‍රතිපත්තිමය තීන්දුව නිසා විශාල ප්‍රශ්නයක් ඇති විය.

ලංකාව සාර්ථකව වී වගා කළ රටකි. හරිත විප්ලවය නමැති වැඩසටහන ආරම්භ කළ කාලයේදී මම ද රාජ්‍ය සේවකයකුව සිටියෙමි. ඩඩ්ලි සේනානායක, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ආදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම නායකයෝ එම වැඩසටහනට සම්බන්ධ වී සිටියහ. මහවැලි ව්‍යාපාරයද ක්‍රියාත්මක විය. ලංකාව ආදර්ශවත් වී නිෂ්පාදන රටක් ලෙස ගොඩනැගීමේ ඒ වැඩසටහන පසුව අහෝසි විණි.

තෙවැනි ප්‍රශ්නය උද්ගත වූයේ ආයෝජන අංශයේදීය. ගත වූ වසර දෙකහමාරක කාලයේදී රටට ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් විය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීමට පැමිණි ආයෝජනය එකකි. විදුලිය නිෂ්පාදන ව්‍යාපෘති කිහිපයක්ද ඉදිරිපත් විණි.

චීනය දියුණු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය එහි කළ ආයෝජන නිසාය. චීනයට මිනිස් ශ්‍රමය හා කොමියුනිස්ට් පක්ෂයේ දර්ශනය තිබුණද ප්‍රමාණවත් තරම් මුදල් නොවිණි. ආයෝජන ව්‍යාපෘති ලෙස එරටට මුදල් ගලා ආවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලිනි. රටක් දියුණු කිරීමට විදේශ ආයෝජන අවැසි බව අවිවාදිතය. විදේශ ආයෝජනවලදී රටේ ඉඩම් හා වෙනත් සම්පත් විකුණන බවට ඉදිරිපත් කරන සටන් පාඨවලට පදනමක් නැත.

චීනය දියුණු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය එහි කළ ආයෝජන නිසාය. චීනයට මිනිස් ශ්‍රමය හා කොමියුනිස්ට් පක්ෂයේ දර්ශනය තිබුණද ප්‍රමාණවත් තරම් මුදල් නොවිණි. ආයෝජන ව්‍යාපෘති ලෙස එරටට මුදල් ගලා ආවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලිනි. රටක් දියුණු කිරීමට විදේශ ආයෝජන අවැසි බව අවිවාදිතය. විදේශ ආයෝජනවලදී රටේ ඉඩම් හා වෙනත් සම්පත් විකුණන බවට ඉදිරිපත් කරන සටන් පාඨවලට පදනමක් නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර විපක්ෂය වශයෙන් සිටියදී විදෙස් ආයෝජන හා ජාතික සම්පත් පිළිබඳ ජාතිමාමක ස්වරයෙන් කතා කරනු අපි දුටිමු. මෙරට සම්පත් විදේශිකයන් අතට පත් නොකරන බවද ප්‍රකාශ කළේය.මගේ අදහස අනුව එම ප්‍රකාශ වනාහි තකතීරු මේ රට විනාශ මුඛයට ඇද දැමීම සඳහා ඉදිරිපත් කළ ඒවාය. ස්වතන්ත්‍රව රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි නිසාය. දේශීය ආර්ථිකය යනු පිස්සු අදහසකි. එය කෙදිනකවත් කළ හැක්කක් නොවේ.

ලංකාවේ ජාතික සම්පත් හා මිනිස් ශ්‍රමය ඉදිරියට ගැනීමට නම් විදේශ මුදල් විශාල ලෙස ඒ වෙනුවෙන් ආයෝජනය කළ යුතුය. චීනය හා වියට්නාමය වැනි රටවල් දියුණු වූයේ ද එම රටවල විදේශ ආයෝජන සඳහා ඉඩ විවර කළ නිසාය. දෙවැනි මහා ලෝක සංග්‍රාමයේදී පුපුරවන ලද බෝම්බවලට වැඩි ප්‍රමාණයක් වියට්නාම් ඇමෙරිකන් යුද්ධයේදී ඇමෙරිකානුවෝ වියට්නාමයට හෙලූහ. එහෙත් අද වෙන විට වියට්නාමයේ කර්මාන්ත කේෂ්ත්‍රය දියුණු වෙමින් තිබෙන්නේ ඇමෙරිකානු ආධාරවලිනි. ඉන්දියාවේ හා චීනයේ ආයෝජනය කරන්නේද ධනවත් රටවල්ය.

ලංකාවේ ජාතික සම්පත් හා මිනිස් ශ්‍රමය ඉදිරියට ගැනීමට නම් විදේශ මුදල් විශාල ලෙස ඒ වෙනුවෙන් ආයෝජනය කළ යුතුය. චීනය හා වියට්නාමය වැනි රටවල් දියුණු වූයේ ද එම රටවල විදේශ ආයෝජන සඳහා ඉඩ විවර කළ නිසාය. දෙවැනි මහා ලෝක සංග්‍රාමයේදී පුපුරවන ලද බෝම්බවලට වැඩි ප්‍රමාණයක් වියට්නාම් ඇමෙරිකන් යුද්ධයේදී ඇමෙරිකානුවෝ වියට්නාමයට හෙලූහ. එහෙත් අද වෙන විට වියට්නාමයේ කර්මාන්ත කේෂ්ත්‍රය දියුණු වෙමින් තිබෙන්නේ ඇමෙරිකානු ආධාරවලිනි. ඉන්දියාවේ හා චීනයේ ආයෝජනය කරන්නේද ධනවත් රටවල්ය.

එහෙත් ලංකාවේ කිසිදු විදේශ ආයෝජනයකට ඉඩ දෙන්නේ නැත. නිදහසින් පසු වසර 70 කට වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත් රට දියුණු වී නොතිබෙන්නේ මේ නිසාය. සමාජවාදය නමැති පිස්සු දර්ශනය නිසාය. රට දියුණු නොවූයේ දේශපාලන අස්ථාවරත්වය හෝ වෙනයම් හේතු නිසා නොවේ. ඊට බලපෑ එකම හේතුව විදෙස් ආයෝජනවලට ඉඩ නොදීමය.

ලංකාව නිදහස ලද අවධියේ ආසියාවේ පොහොසත්ම ආර්ථික තිබුණු රටවල් දෙක වූයේ ජපානය හා ලංකාවය. එහෙත් අද වන විට ආර්ථික වර්ධන වේගය අතින් අපේ කලාපයේ ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්තානයට පමණක් ඉහළිනි. අප ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු එම්.සී.සී. ආර්ථික පැකේජය ඉකුත් සතියේදී නේපාලය ලබා ගත්තේය. නේපාලයේ ආර්ථිකයට එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලැබිණි. එය විශාල ආයෝජනයකි.

අප ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු එම්.සී.සී. ආර්ථික පැකේජය ඉකුත් සතියේදී නේපාලය ලබා ගත්තේය. නේපාලයේ ආර්ථිකයට එමගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලැබිණි. එය විශාල ආයෝජනයකි.

එසේවුවත් කිසිදු තර්කානුකූල පදනමකින් තොරව ලංකාව එම ආර්ථික පැකේජය ලබා ගැනීම මගහැරියේය. ඉකුත් දිනෙක අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු අමාත්‍යවරුන් පළ කළ අදහස්වලට මම සවන් දුන්නෙමි. ඔවුන් ප්‍රකාශ කරන්නේ මොනවාද යන්න තේරුම්ගත නොහැකිය.

ඔවුන්ට අනුව මේ රටට විදේශ ආයෝජන නොලැබිය යුතුය. විදේශ ආයෝජන ගෙනැවිත් අලුත් කර්මාන්තශාලා ඉදිකර මිනිසුන්ට රැකියා අවස්ථා ලබා දීමට ඔවුන් විරුද්ධය. එසේනම් මේ රටේ ප්‍රශ්නය ඔවුන්ය. ඒ අය දරන දර්ශනය රටට හිතකර නැත. එමගින් නිර්මාණය කරන්නේ අර්බුද පමණි. එය කිසිසේත්ම විසඳුමක් නොවේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ අවසන් කාලයේදී (1975-77) අද මෙන් පෝලිම් දක්නට ලැබිණි. ජාතික ආර්ථිකය නමැති දර්ශනයේ අවසන් ප්‍රතිඵලය වන්නේ පෝලිම් නිර්මාණය වීමය. විදෙස් ආයෝජනවලට ඉඩ නොදෙන්නේ නම් දේශීය සම්පත් පරිහරණයට ඉඩ නොදෙන්නේ නම් අපට සිදු වන්නේ පෝලිම්වලට යෑමටය.

ආර්ථිකයේ මෙවැනි දරුණු පසුබෑම් ඇති වන්නේ මේ නොදියුණු දර්ශනය නිසාය. මා දැන් සක්‍රීය දේශපාලනයෙහි නොමැති නිසා මේ දේවල් ගැන ස්වාධීන විශ්ලේෂකයකු ලෙස අදහස් පළ කළ හැකිය. විදේශ ආයෝජන ප්‍රතික්ෂේප කරන ජාතික ආර්ථිකයක් ගැන පමණක් කතා කරන මේ දර්ශනය තිබෙන තාක් ලංකාව දියුණු වන්නේ නැත. තවත් ආර්ථිකමය වශයෙන් පහළට ඇද වැටීම පමණක් සිදු වනු ඇත.

විදේශ ආයෝජන ප්‍රතික්ෂේප කරන ජාතික ආර්ථිකයක් ගැන පමණක් කතා කරන මේ දර්ශනය තිබෙන තාක් ලංකාව දියුණු වන්නේ නැත. තවත් ආර්ථිකමය වශයෙන් පහළට ඇද වැටීම පමණක් සිදු වනු ඇත.

අපේක්ෂා කළ මට්ටමින් සංචාරක ඉපැයීම් විදේශ ප්‍රේෂණ සහ සාම්ප්‍රදායික අපනයනආදායම් ලැබුණේ නම් ගැටලුවකින් තොරව ණය ගෙවිය හැකිව තිබිණි. ණය ගැනීම එකම ප්‍රශ්නය යැයි මම නොසිතමි. ණය ගෙන එය ගෙවිය හැකි නම් ප්‍රශ්නයක් නැති නිසාය.

එහෙත් ලංකාවේ ණය අර්බුදයක් බවට පත්ව තිබේ. ඊට බලපෑ එක් හේතුවක් අප විසින්ම කරනු ලැබූ වැරැදිය. දෙවැන්න අපේ පාලනයේ නොතිබූ තත්ත්වය. එබැවින් අපට අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය. එම තත්ත්වය යථාවාදීව විග්‍රහ කර අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යෑමට අපට නොහැකි විය. විනිමය ඉපැයීම් ආදායම් මාර්ග අනාගතයේදී යහපත් අතට හැරෙනු ඇත.

මෙරටේ වරාය හා ගුවන් තොටුපොළවල් මගින් ඉතා ඉහළ ආදායම් ඉපැයිය හැකිය. ඒ සඳහා ආයෝජනය කිරීමට ඉඩ දිය යුතුය. එහෙත් ඊට ඉඩ නොදීම බරපතළ ප්‍රශ්නයකි. මුලින්ම බහාලුම් වරායක් ගොඩනගන ලද්දේ ලංකාවේය. ඒ කොළඹ වරායයි. එය දියුණු කිරීමට වෘත්තීය සමිති ඉඩ නුදුන් නිසා සිංගප්පූරු වරාය දියුණු විය.

කොළඹ වරාය දියුණු වූයේ නම් සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ගොඩ නොනැගීමට ඉඩ තිබිණි.

කොළඹ වරායේ දියුණුවට බාධා කළේ සමාජවාදී පක්ෂ හා වෘත්තීය සමිතිය. සිංගප්පූරුවේ දියුණුවට පාර කැපූවෝ ඔවුහුය. බොහෝ දෙනකු නොදන්නා සත්‍යය එයයි.

රාජ්‍යයන්වල ආර්ථික අර්බුද ඇති වූ විට විසඳුම් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික මුල්‍ය අරමුදල තිබේ. ඊට යා යුතුය. ලංකාව ද එම අරමුදලේ සාමාජික රාජ්‍යයකි. එබැවින් එහි ගොස් මේ අර්බුදයට විසඳුම් සෙවිය යුතුය. මා මුදල් අමාත්‍යවරයාව සිටියදී ඩොලර් බිලියන 2.6 ක ණය මුදලක් ලබා ගැනීම පිණිස මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත විය. එය පහසු ව්‍යායාමයක් නොවීය. එයින් වාරික කිහිපයක් අපි ලබා ගත්තෙමු.

ඉල්ලූ පමණින් මුල්‍ය අරමුදලින් ණය ලැබෙන්නේ නැත. එම ආයතනය ණය ඉල්ලුම් කරන රටවල් සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කර නැවත ණය ගෙවිය හැකි බවට සෑහීමකට පත් වන්නේ නම් පමණක් ණය ලබා දෙයි.අප එම අරමුදල වෙත යා යුතුව තිබිණි. ඉදිරියේදී එය කිරීමට සිදු වනු ඇත.

මූල්‍ය අරමුදල වෙත ගිය පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැත. ණයක් ලබා දීමට පෙර එම ආයතනය අදාළ රාජ්‍ය සම්බන්ධයෙන් සකස් කරන අධ්‍යයනයක් මගින් ලෝකයට පණිවුඩයක් දෙයි. ඉන්පසු ද්වීපාර්ශවික ණය ලබා දේ. අදාළ රටේ ආර්ථිකය ගොඩනැගිය හැකි බවට වන විශ්වාසයක් ඇති කරයි. ම‌ූල්‍ය අරමුදල මගින් සාමාජික රාජ්‍ය පිළිබඳව සකස් කරන වැඩසටහන් ගැන ලෝකයේ ම‌ූල්‍ය ආයතන අවධානයෙන් පසු වෙයි. එයින් ණය මුදලක් ගත් පසු එය නැවත ගෙවීමට ප්‍රතිසංස්කරණ කටයුතු කළ යුතුය. එසේ නොකර ණය මුදල් නැවත පියවිය නොහැකි නිසාය.

එවැනි ප්‍රතිසංස්කරණ කිරීමට අදාළ යම් යම් කොන්දේසි තිබේ. ඒවායෙහි අරමුණ නැවත ණය ගෙවීම පහසු වන පරිදි ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කිරීමය. එවැනි යෝජනා අතර රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීම අනවශ්‍ය වියදම් සීමා කිරීම ආදී ජනප්‍රිය නොවන ඒවා අන්තර්ගතය. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට සෑම ආණ්ඩුවක්ම බිය පළ කරයි. මූල්‍ය අරමුදලෙන් ණය අයැදුම් කිරීම කලින් සිදු කළේ නම් ප්‍රශ්නය බැරෑරුම් නොවීමට ඉඩ තිබිණි.

මේ වන විට අර්බුද මතුව ඇති සියලුම ක්ෂේත්‍ර රාජ්‍ය අංශයට අයත් ඒවාය. තෙල්, විදුලිය, දුම්රිය ආදී වශයෙනි. පෞද්ගලික අංශයේ ආයතනවල එවැනි අර්බුද උද්ගතව ඇති බවක් නොපෙනේ. මෙපරිදි රට ඉදිරියට ගෙන යා නොහැකිය. ලංකාවේ බහිරවයන් පස් දෙනකු සිටින බව මම මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී කීවෙමි. ඒවා දමනය කළ නොහැකි නම් ලංකාව කිසිදිනෙක ගොඩනැගිය නොහැකි බවද මම ප්‍රකාශ කළෙමි. ඒවා ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ නොකරන ලෙස එවක ජනාධිපතිවරයා මට අවවාද කළේය.

ලංකාවේ බහිරවයන් පස් දෙනකු සිටින බව මම මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී කීවෙමි. ඒවා දමනය කළ නොහැකි නම් ලංකාව කිසිදිනෙක ගොඩනැගිය නොහැකි බවද මම ප්‍රකාශ කළෙමි. ඒවා ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ නොකරන ලෙස එවක ජනාධිපතිවරයා මට අවවාද කළේය.

ආචාර්ය සරත් අමුණුගම

(රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා දෙරණ රූපවාහිනී නාළිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කෙරුණු ලිපියකි.)

සටහන උපුල් වික්‍රමසිංහ

ලංකාදීප

l

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *