නිමල් ලන්සා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වෙයි ; තවත් බලා ඉන්න බෑ කියයි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී‍ ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත්, ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මෙම පියවර ගන්නා බවත්, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

තම අමාත්‍යංශයේ පවතින ප්‍රශ්න ගණනාවක් ගැන ලන්සා මහතා මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර එම ප්‍රශ්න තවමත් පවතින බව ද ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *