අපි ශ්‍රී ලංකාව අත් හරින්නේ නැහැ – චීනය

මේ මොහොතේ තමන් ශ්‍රී ලංකාව අත් නොහරින බව මෙරට චීන තානාපති කුයි ෂැංහොං මහතා අද කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහමාරක ණයක් ඉල්ලා තිබෙන බව ප්‍රකාශ කළ චීන තානාපතිතුමා එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බව පැවසීය.

එම ණය මුදල ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියනයක ණය මුදලක් සහ චීනයෙන් භාණ්ඩ මිල දී ගැනීමට ඩොලර් බිලියන එකහමාරක ණය පහසුකමක් ලෙසය.

ලෝක ශ්‍රේණගත කිරීම්වල ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබුණත් චීනය ශ්‍රී ලංකාව ගැන තබා ඇති විශ්වාසය අඩු වී නොමැති බවද මෙහිදී තානාපතිවරයා කියා සිටියේය.

මෙරට ආර්ථික අර්බුදයන්ගෙන් මිදීම සඳහා 2020 සිට ශ්‍රී ලංකාවට චීනය ඩොලර බිලියන 2.8ක මූල්‍ය ආධාර ලබා දී තිබෙන බවත් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට චීනයේ පෞද්ගලික අංශය දිරිගන්වන බවත්  තානාපතිවරයා කීය

ඔවුන්ගේ ප්‍රධාන ආයෝජන ඉලක්ක වී ඇත්තේ පෝට් සිටිය සහ හම්බන්තොට වරායයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *