ඩොලරය රුපියල් 185 ට නගී ; මහ බැංකුව තවමත් නොනවත්වා රුපියල් මුද්‍රණයේ !

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 280 සිට රු. 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇත.

ඩොලරයේ අගය පා කිරීමෙන් පසුව ද මහ බැංකුව දිගින් දිගට මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් වෙළෙඳපොළට නිකුත් කරමින් සිටින බව පසුගිය සතියේ වාර්තා වී ය.

එමෙන් ම රුපියල ස්ථාවර කර ගැනීම සඳහා පොලී අනුපාත ඉහළ දැමිය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇතත්, මහ බැංකුව තවමත් එම පියවර ද ගෙන නැත.

මේ අතර විදේශ ප්‍රේෂණ ලැබීම ද තවමත් දුර්වල තත්ත්වයක පවතියි. එයට හේතුව ලෙස වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ ඩොලර් තැන්පතු මසක් තුළ රුපියල බවට පරිවර්තනය කිරීමට මහ බැංකුව කළ නියෝගය නිසා ඩොලර් එවීමේ පෙළඹීම අඩු වී ඇති බව යි.

ඩොලරය පා කළ ද තැන්පතුකරුවන්ගේ කැමැත්තට පටහැනිව මුදල් පරිවර්තනය කිරීමෙන් බිඳ වැටී ඇති විශ්වාසය යලි ගොඩ නැගීම පහසු නොවන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *