ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ ; රටින් පලා යන්නේත් නෑ- මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඒ මහතා ප්‍රකාශ කොට ඇත.

ජානාධිපතිතුමා ඉල්ලා අස්වී රට යන්නට තීරණය කොට ඇතැයි පලවන වාර්තා ගැන මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *