“ජාතිය ජනපති අමතයි” – අනුර සූරියබණ්ඩාර 

අතිගරු ජනාධිපති තුමනි,

ඔබ පසුගිය දා ජාතිය අමතා කළ කතාවට පිළිතුරු කතාවක් කරන්නට සිතා සිටි⁣යත් ගෑස් පෝළිම් , ඩීසල් පෝළිම් ආදියෙහි ලගින්නට සිදුවූ නිසා එය තරමක් ප්‍රමාද වුණා, සමාවෙන්න.

අත්‍යවශ්‍ය ආහාර හිගය, මිල වැඩි වීම , ගෑස් හිගය, ඉන්ධන හිගය , විදුලිය ( බිඳ වැටීම කියා ඔබතුමා කිව්වත් )කප්පාදුව හොඳින් දැනෙන බව ඔබ තුමා කිව්වා. ඔබ තුමා මහ මඟ යන විටත් සැපයි! සැපයි ! කියා ජනතාව කෑකෝ ගසන නිසා ඒ ගැන ඔබ තුමාට දැනීම පුදුමයක් නොවෙයි.

ඒ ගැටලු විසඳන්න  කළ හැකි සියලු දේ කළ බව ඔබ තුමා කිව්වා. ඇත්තෙන්ම කියනවා නම් ඒ ගැටලු විසඳන්න ඔබ තුමා කිසිවක් කළ බවක් අපට නම් දැනෙන්නේ නැහැ.ප්‍රශ්න වලට උත්තර සොයන්න ජාතික ආර්ථික කවුන්සිලයක් , උපදේශක සභාවක් පත් කළ බව කිව්වත් තතු දන්නා අය කියන්නේ ඒවාට පත්කර ඇත්තේ සුදුසුම තැනැත්තන් නොවන බවයි. අනෙක ඔබ තුමා මේ වන විට කමිටු කීයක් පත් කර තිබෙනවාද ? ඒවායින් සිදුවූ යහපත කුමක්ද?

ප්‍රශ්න වලට උත්තර සොයන්න ජාතික ආර්ථික කවුන්සිලයක් , උපදේශක සභාවක් පත් කළ බව කිව්වත් තතු දන්නා අය කියන්නේ ඒවාට පත්කර ඇත්තේ සුදුසුම තැනැත්තන් නොවන බවයි. අනෙක ඔබ තුමා මේ වන විට කමිටු කීයක් පත් කර තිබෙනවාද ? ඒවායින් සිදුවූ යහපත කුමක්ද? 

ඔබ තුමා කියන්නේ පවතින අසීරුතාව අපේ රටට පමණක් නොවන බවයි. ඇත්ත! එහෙත් ලොව වෙනත් කිසිම රටක් අපේ රට තරම් ඛේදනීය තත්ත්වයකට පත්ව නැති බව ඔබ තුමා පිළිගන්නවාද? කොවිඩ් වසංගතයෙන් අපටත් වඩා බැට කෑ ඉන්දියාවෙන් අතමාරු ඉල්ලන තැනට අප පත්වෙලා ඉන්නේ කාගේ වරදින්ද? පකිස්ථානයෙන් පවා ණය ඉල්ලන තත්ත්වයට අපි පත්වෙලා.

වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු , භාණ්ඩ මිල ඉහළ යාම , භාණ්ඩ හිගය අපේ පාලනයෙන් තොර බව ඔබ තුමා කීවත් අප ඒ සඳහා කලින් සූදානම් නොවීම නේද ප්‍රශ්නය ? නිදසුනක් වශයෙන් ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල අඩුව තිබුණු කාලයේ ඔබ  ඒ සහනය ජනතාවට නො දුන්නා පමණක් නොව ඛනිජ තෙල් තොග රැස්කර ගන්නට කටයුතු කළෙත් නැහැ. අඩුම තරමින් යහ පාලන මිල සූත්‍රය අහෝසි නොකර සිටියා නම් ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල අඩු වීමේ වාසිය වත් ජනතාවට ලැබෙන්නට තිබුණා. විදුලිය කැපීමට හේතුවත් ජලය සහ ඛනිජ තෙල් කළමනාකරණය කර නො ගැනීම . ඒ අනුව මේ අර්බුදය ඔබ විසින් නිර්මාණය කළ එකක් නොවන බව පිළිගත නො හැකියි.

අර්බුදකාරී අවස්ථාවක රටක දේශපාලනය සහ බුද්ධිමතුන් ගේ වගකීම සාමුහිකව ප්‍රශ්න වලට විසඳුම් සෙවීම බව ඔබ තුමා කියූ නමුත්, ඇත්⁣ත තත්ත්වය නම් බුද්ධිමතුන් කී දේට ඔබ තුමා සවන් නොදුන් බවයි. නිදසුනක් වශයෙන් රුපියල කෘත්‍රිමව පාලනය කරන්නට යාම රටට අහිතකර බව බුද්ධිමතුන් කියද්දීත් ඔබ තුමා රුපියල බලයෙන් රඳවාගෙන ඉන්නට තැත් කළ නිසා ඩොලර් බිලියන 04ක් පමණ රටට අහිමි වූ බව කියනවා. රුපියල ආරක්ෂා කරන්නට නාස්ති කළ මුදල ඩොලර් බිලියන 1.5ක් බවයි තතු දන්නා අය කියන්නේ. රුපියල කෘත්‍රිමව පාලනය කරන්නට යාම නිසා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.5 පමණ අහිමි වූ බව බුද්ධිමතුන් පෙන්වා දෙනවා.

අර්බුදකාරී අවස්ථාවක රටක දේශපාලනය සහ බුද්ධිමතුන් ගේ වගකීම සාමුහිකව ප්‍රශ්න වලට විසඳුම් සෙවීම බව ඔබ තුමා කියූ නමුත්, ඇත්⁣ත තත්ත්වය නම් බුද්ධිමතුන් කී දේට ඔබ තුමා සවන් නොදුන් බවයි. නිදසුනක් වශයෙන් රුපියල කෘත්‍රිමව පාලනය කරන්නට යාම රටට අහිතකර බව බුද්ධිමතුන් කියද්දීත් ඔබ තුමා රුපියල බලයෙන් රඳවාගෙන ඉන්නට තැත් කළ නිසා ඩොලර් බිලියන 04ක් පමණ රටට අහිමි වූ බව කියනවා. රුපියල ආරක්ෂා කරන්නට නාස්ති කළ මුදල ඩොලර් බිලියන 1.5ක් බවයි තතු දන්නා අය කියන්නේ. රුපියල කෘත්‍රිමව පාලනය කරන්නට යාම නිසා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.5 පමණ අහිමි වූ බව බුද්ධිමතුන් පෙන්වා දෙනවා.

ඒ අතරවාරයේ ඔබ ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහාත් ඩොලර් වියදම් කළා. එවැනි දේ සඳහා අනවශ්‍ය පරිදි ඩොලර් නහස්ති නො කළා නම් මේ වන විට රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය මේ තරම් දරුණු නො වෙන්නට තිබුණා. පවතින ආහාර හිගයට ප්‍රධානම හේතුව ඩොලර් හිගයයි. ගෑස් ,ඉන්ධන ,කිරිපිටි ,ඖෂධ , සිමෙන්ති මේ සෑම දෙයක් කෙරෙහිම ඩොලර් හිගය අතිශය දරුණු ලෙස බලපා තිබෙනවා. පවතින අර්බුදය ඔබ තුමා විසින් ඇති කළ එකක් නොවන බව කීම පිළිගත නො හැකි ඒ නිසයි.

බලයට පත් වූ වහා ඔබ තුමා ලබා දුන් බදු සහන නිසා රුපියල් බිලියන 600ක් පමණ රටට අහිමි වුණා, නමුත් එහි වාසිය ජනතාවට ලැබුණේත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව විද්වතුන් කියන්නේ දැනට වසර එකහමාරක පමණ කාලයක සිටයි. අද බුද්ධිමතුන්ට චෝදනා කළත් ඔබ තුමා ඔවුන්ට සවන් දුන්නේ නැහැ. අන්තිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නා බව ඔබ තුමාම දැන් කියනවා. ඉන් අදහස් වන්නේ ඔබ තුමා කළ යුතු දෙය නිසි වෙලාවට කරන්නට අසමත්වී ඇති බවයි. ගැටලුවට හේතුව ආර්ථික කළමනාකරණ දුර්වලතා බවට බුද්ධිමතුන් කරන චෝදනාව ඒ අනුව අපට පිළිගන්නට සිදු වෙනවා.

පවතින අර්බුදයෙන් ගොඩයාමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නට ඔබ තුමා කියන නමුත් ඉන්ධන යනු එලෙස අරපිරිමැසිය හැකි දෙයක් නොවෙයි. පසු ගිය වතාවේ ඉන්ධන මිල ඉහළ නංවන විට ආණ්ඩුව කීවේ, භාවිතය අඩු කරන්නට මිල ඉහළ නංවන බවයි. නමුත්, එහිදීත් බුද්ධිමතුන් කීවේ ඉන්ධන වලට ඇත්තේ අනම්‍ය ඉල්ලුමක් නිසා එය එසේ සිදු නොවන බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම නැවත වටයකින් භාණ්ඩ මිල ඉහළ යාමටත් උද්ධමනය ඉහළ යාමටත් බලපා තිබෙනවා. එයට බලපෑ අනෙක් හේතුව සීමාවකින් තොර මුදල් සැපයුමයි. එයත් ඔබ තුමා ඇතුළු ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වලතාව නිසා ඇති වූවක්.  නිදසුනක් වශයෙන් ඔබ තුමා ජාතිය අමතා දින කිහිපයක් යන්නටත් පෙර කිරිපිටි ග්‍රෑ 400ක මිල රුපියල් 250/-කින් ඉහළ ගියා. ඒ අනුව මාස හතරක් තුළ කිරිපිටි මිල දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජනතාව ඔබෙන් ඉල්ලා සිටියේ; සුරක්ෂිත බව,විනය, දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් බව ඔබ කීවා. අප දන්නා තරමින් ඒ කිසිවක් ඉටු වී නැහැ. හොඳ අධ්‍යාපනයක් කෙසේ වෙතත් මේ වන විට දරුවන්ගේ වාර විභාගය වත් පැවැත්විය නොහැකි තත්ත්වයක් උදාවෙලා. නූතන දියුණු රටක් කෙසේ වෙතත් දැන් රට යන්නේ රිවස් එකටයි.

ජනතාව ඔබෙන් ඉල්ලා සිටියේ; සුරක්ෂිත බව,විනය, දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් බව ඔබ කීවා. අප දන්නා තරමින් ඒ කිසිවක් ඉටු වී නැහැ. හොඳ අධ්‍යාපනයක් කෙසේ වෙතත් මේ වන විට දරුවන්ගේ වාර විභාගය වත් පැවැත්විය නොහැකි තත්ත්වයක් උදාවෙලා. නූතන දියුණු රටක් කෙසේ වෙතත් දැන් රට යන්නේ රිවස් එකටයි.

අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනය ගැන ඔබ තුමා කතාකළත් ඉන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන බව කියනවා. මෙය තවත් බරපතළ වන්නේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ගැනත් ඔබ තුමා සඳහන් කළ නිසයි. පවතින ආහාර ,ඉන්ධන , ⁣⁣ඖෂධ , හිගය නිසා ඇතැම් විදෙස් රටවල් මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් තම රටවැසියනට අනතුරු අඟවා ඇති බව ඔබ තුමාත් දන්නවා ඇති.ඉදිරි ධූර කාලය තුළ  ජනතාව ඔබ තුමාගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කරන බව කීවත් පවතින තත්ත්වය තුළ අපට ඒ ගැන විශ්වාසයක් නැති බව කනගාටුවෙන් වුවත් කිය යුතුයි.

ස්තුතියි, මීට,

  අනුර සූරියබණ්ඩාර

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *