අද කොවිඩ් මරණ 5 ක් , නව ආසාදිතයින් 236 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 5 ක් තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගත් සංඛ්‍යාව 236 ක් වෙයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,431 ක් ලෙස සටහන් වී ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 658,197 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *