ඉන්දියාවෙන් දෙන ඩොලර් බිලියනයේ ණය ගිවිසුමට නව දිල්ලියේ දී අත්සන් තැබෙයි

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියමයක ණය ගිවිසුමට අද නවදිල්ලි නුවර දී අත්සන් තැබු බව ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කොට ඇත.

මෙම ගිවිසුම යටතේ ඉන්දියාවෙන් තවත් බිලියනයක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ලබා දෙන මෙම මුදලින් සියයට 75 ක් ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා වියදම් කළ යුතුය. ඉතිරි මුදල වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ මිල දී ගැනීම සඳහා යොදාගත හැකිය.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට සහනයක් ලෙස මෙම ණය මුදල ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *