මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන්න කීවේ නැහැ – ජනාධිපති මාධ්‍ය අංශය

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිතුමා කිසිසේත් දැනුම් දී නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කබ්රාල් මහතාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අංශය පෙන්වා දෙයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි ජනාධිපතිතුමා උපරිම විශ්වාසයක් තබා ඇති බවත් රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියා කරන බවද සදහන් කෙරේ.

දිවයිනට පැමිණි IMF දූත පිරිස කිසිසේත් ශ්‍රී ලංකාවේ නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත් මහබැංකු අධිපතිවරයා ද එම සාකච්ඡාවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. එම හමුවේ දී සාකච්ඡාවට ලක්වූයේ මූල්‍යමය ගැටළු පිළිබඳ පමණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *