ආණ්ඩුවෙන් ලැබුණු ජාතික ආණ්ඩු යෝජනාව එජාපය ප්‍රතික්ෂේප කළා – හිටපු ඇමති නවීන් දිසානායක

ජාතික ආණ්ඩුවක් සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව හිටපු ඇමති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පස් දෙනකු අයින්කර එජාප පස් දෙනකු පත් කර ඔවුන්ට ඇමති ධුර ලබා දී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දීමට එම යෝජනාව ඉදිරිපත්ව තිබු බව දිසානායක මහතා කියයි.

මෙම යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වූ විට තමන් එයට විරුද්ධ වූ බවත්, පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් තබාගෙන ජාතික ආණ්ඩුවකට නො යා යුතු බවත්, එජාපයට ඒ සඳහා ජන වරමක් නැති බවත්, පෙන්වා දුන් බවත්, නවීන් දිසානායක මහතා කියයි.

ඒ අනුව ජාතික ආණ්ඩු යෝජනාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

කෙසේ වෙතත්, මෙම පවතින අර්බුදයට මුහුණ දීමට ජාතික එකඟතාවයක් අවශ්‍ය බවත්, ඒ සඳහා සහය දීමට තමන් සහ පක්ෂය සුදානම් බවත්, නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *