මහ බැංකු අධිපති කබ්රාල්ට ඉල්ලා අස්වැන්නයි ජනාධිපති දැනුම්දෙයි ?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වහාම තනතුරින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අනුව කබ්රාල් මහතා ඉතා ඉක්මනින් තනතුරින් ඉවත් වනු ඇතැයි කියති.

ශ්‍රිලංකාවේ බරපතළ ආර්ථික අර්බුදයක් නැති බව සහ සියුලු ගෙවීම් කිරීමේ හැකියාව ඇතැයි කී කබ්රාල් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය අවශ්‍ය නැතැයි පැවසීය.

අවසානයේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට ගෙවීම් කළ නොහැකි වීමෙන් ඉන්ධන අර්බුදයකට සහ විදුලි කැපීමකට මුහුණ දීමට සිදු වූ අතර ගෑස් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද නොමැතිව ජනතා විරෝධයක් ද අතිවීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තමන් තීරණය කළ බව අවසානයේ ජනාධිපති තුමා ජාතිය අමතා කීය.

මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත්තේ එම තීරණයත් සමග බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *