මුල්‍ය අරමුදලේ ආධාර ගන්න මුදල් ඇමති ,මහ බැංකු අධිපති දෙදෙනා ම අත්සන් කළ යුතුයි – අඩ්වෝකාටා මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගලවා ගැනීමේ වැඩ පිළිවෙළකට ඇතුළු වීමට නම් මුදල් ඇමතිවරයා, මහා බැංකුවේ අධිපතිවරයා සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතු බව අඩ්වෝකාටා සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

සාමාන්‍ය උපදේශන සේවාවලින් ඔබ්බට ගිය ගලවාගැනීමේ වැඩ සටහනක් ඉල්ලා සිටීම, එලෙස නිල වශයෙන් සිදු කළ යුතු බවත්, එබඳු නිල ඉල්ලීමකින් තොරව මුල්‍ය අරමුදලේ වැඩ සටහන් ක්‍රියාත්මක නොකරන බවත්, ප්‍රනාන්දු මහතා කියයි.

“පැතිකඩ “ රුපවාහිනී වැඩ සටහනට අශෝක ඩයස් මහතා සමග එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මුල්‍ය අරමුදලේ වැඩ සටහන් අපට අලුත් නොවන බව පෙන්වා දුන්  ඒ මහතා මීට පෙර අවස්ථා 16 ක දී අපරට එහි සහය ලබාගෙන ඇති බව ද, එම ආයතනය පිහිටුවීමෙන් පසු කාලයේන් සියයට 40 ක දී අපරට එම ආයතනයේ ගලවා ගැනීමේ වැඩ සටහන් තුල ක්‍රියාත්මක බව  ද, කී ය.

කෙසේ වෙතත්, මුල්‍ය අරමුදලට ගිය පමණින් සියල්ල විසඳෙනවා කියා නොසිතිය යුතු බව ද අපගේ ප්‍රශ්න විසඳීමට අපගේ වැඩ සටහනක් තිබිය යුතු බවත්, කාගේ සහය ගන්න ගියත් එය අවශ්‍ය වන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

එමෙන් ම මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන වෙනත් ණය ගෙවීම් සඳහා ලබා නොදෙන බවත්, එම ආධාර ලබා දෙන්නේ භාණ්ඩාගාරයට නොව මහ බැංකුවට බවත්, ප්‍රනාඩු මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *