මහ බැංකුව ඊයේ තවත් රුපියල් කොටි 8303 ක් අච්චු ගහලා ; ඩොලරය තව නංවයි !

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනයේ දී තවත් රුපියල් කෝටි 8,303 ක මුදලක් භාවිතයට එක්කොට ඇති බව වාර්තා වෙයි.

ඒ පෙරේදා දිනයේ නිකුත් කළ රුපියල් කෝටි 2,227 මුදලට අමතර වශයෙනි .

මෙලෙස මුදල් නිකුත් කිරීම මගින් රුපියල අවප්‍රමාණ වීම වේගවත් වන බව ආර්ථික විශේෂඥයින්ගේ මතය යි.

විශේෂඥයින් කියන්නේ මේ මොහොතේ කළ යුත්තේ පොලී අනුපාත ඉහළ දමමින් රුපියල් සංසරණය අඩු කොට රුපියල ස්ථාවර කර ගැනීම බවයි.

මහ බැංකුව දිගින් දිගට කටයුතු කරමින් සිටින්නේ ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වීම සඳහා බව මෙම හැසිරීමෙන් පෙන්නුම් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *