මහ බැංකුව තවත් රුපියල් කෝටි 2,227 ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් කෝටි 2,227 ක් ( බිලියන 22.27 ක් ) මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කොට තිබේ.

මෙය පෙරේදා (14) සිදුකොට තිබේ.

මෙලෙස දිගින් දිගට මුදල් නිකුත් කිරීම රුපියලේ අගය අඩු වීමට සහ උද්ධමනයට හේතුවන බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇත්ත,මහ බැංකුව දිගට ම එය සිදුකරමින් සිටියි.

මේ නිසා පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 15.2 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මහ බැංකු අධිපතිවරයා කීවේ ඒ ගැන තමා පුදුම වන බවයි.

මහ බැංකුව තම ඉලක්කය ලෙස ප්‍රකාශ කොට තිබුණේ උද්ධමනය සියයට 4 සහ 6 අතර පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත්, මහ බැංකුව මුදල් මුද්‍රණය දිගට ම සිදු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *