ඩොලර් මිලියන 10 ක් නැතිව නැව සතියක් මුහුදේ ; බෙදාහරින්න ගෑස් නැහැ ; ජනතාව පෝලිම්වල

ටොන් තුන්දහස් පන්සියයක ගෑස් තොගයක් රැගත් නැවක් එයට ගෙවන්නට ඩොලර් මිලියන දහයක් රජයට සොයාගත නොහැකි වීම නිසා සතියක් තිස්සේ  මුහුදේ නවතාගෙන සිටින බවත්, ගෑස් තොග අවසන් වීම නිසා බෙදා හැරීම නැවතී ඇති බවත් වාර්තා වෙයි.

ගෑස් රැගෙන පැමිණි එක නැවක් නිදහස් කරගෙන ඊයේ වෙළෙඳපොළට නිකුත් කොට අවසන් වූ නමුත් දෙවැනි නැවට ගෙවීමට මුදල් සපයාගත නොහැකි වීම නිසා එන නව සතියක් තිස්සේ වාරයේ නවතා ඇත.

මේ නිසා රට පුරා විශාල ගෑස් හිගයක් පවතියි.

මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ නැව් පිටින් සහ කන්ටේනර් දහස් ගණනක් වාරයේ සිර වී ඇත්තේ ඒවාට ගෙවීමට ඩොලර් නොමැති නිසා ය.

කෙසේ වෙතත්, මහා බැංකුව කියන්නේ ඩොලර් මිලියන දෙදහස් දෙසීයක සංචිත තමන් සතුව ඇති බවයි.

ජනතාව ගෑස් නැතිව දුක් විඳින්නේ නැවකට ගෙවන්නට ඩොලර් මිලියන 10 ක් සොයාගන්නට අදාළ බලධාරීන්ට නොහැකි වීම නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *