කවුරු කිව්වත් මුදල ඇමති බැසිල් ඉවත් කරන්නේ නැහැ – අගමැති මහින්ද රාජපක්ෂ

පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයකු වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කුමන හේතුවක් නිසාවත් තනතුරින් ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිතුමා කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වන චෝදනා පෞද්ගලික මට්ටමේ චෝදනා බවයි.

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 කණ්ඩායම මුදල් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදම සහ ඔහු ඉවත් කිරීමට කරන ඉල්ලීම පිලිබඳ ‘ද අයිලන්ඩ් ‘ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් අගමැතිතුමා මෙම  අදහස් ප්‍රකාශ කොට තිබේ.

අගමැතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ ඇමතිවරුන් පත් කිරීම හෝ ඉවත් කිරීම හෝ කළ හැක්කේ ජනාධිපතිතුමාට පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *