රටේ ප්‍රශ්න විසදන්න සජිත් ජනපතිවරණයක් ඉල්ලයි

රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ තම ආණ්ඩුවකින් බවත්, ඒ සඳහා ආණ්ඩුව වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවත්, සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණයක් කැඳවීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය නම් එය ලබාදීමට සුදානම් බව ද ඒ මහතා කී ය.

සමගි ජන බලවේගය අද කොළඹ දී පැවැත්වූ විරෝධතාවය සඳහා පැමිණි පිරිස කොටුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

කුමන්ත්‍රණ වලට හසු නොවන ලෙසත්, විකල්පය ඇත්තේ තමන් ළඟ බවත්, කී ඒ මහතා ඩීල් දේශපාලනය සමගි ජන බලවේගයේ නැති බවත් පැවසීය.

දිවයිනේ නන් දෙසින් පැමිණි විරෝධතාකරුවෝ පෙළපාලි දෙකකින් කොටුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණියහ. එහි දී පිරිස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට උත්සහ දැරීම නිසා තරමක ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවීය.

‘ගෝටා ගෙදර යනු’ තේමාව යටතේ විරෝධතාවය සංවිධානය කොට තිබිණි.

ඡායාරුපය – ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *