ඊයේ අයි එම් එෆ් හමු වූ මුදල් ඇමති අද ම ඉන්දීයා යයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස  ඊයේ හමු වී සාකච්ඡා කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත.

ඉන්දියාවේ දෙදින සංචාරයක යෙදෙන මුදල් ඇමති වරයා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමත කොට ඇති ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අත්සන තැබීමේ කටයුතු ද අවසන් කරනු ඇතැයි කියති.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ද මේ සඳහා මුදල් ඇමතිවරයා සමග නව දිල්ලි නුවරට ගොස් තිබේ.

මෙරටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද ඉන්දියානු ණය ලබා ගැනීමේ පුර්ව කොන්දේසියක් බව වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *