අර්ජුන මහේන්ද්‍රන්ගේ ඉරණම කෝප් වාර්තාවෙන් විසදෙන ලකුණු – වාර්තාව 30 දාට පෙර !

Arjuna-Mahendran-415x260මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මෙම මස තිස් වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවත් ඔහුගේ මීලග ධුර කාලය සම්බන්ධ පැන නැගී ඇති ප්‍රශ්නය එමගින් බොහෝදුරට විසදෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . මෙම ප්‍රශ්නය කෝප් කමිටුව විසින් විගනකාධිපතිවරයට යොමුකොට තිබිණි . මේ සදහා විගනකාධිපතිවරයා ඉල්ලාසිටි තොරතුරු ලබාදීමට මහබැංකුව ක්‍රියා නොකළ බවට චෝදනා එල්ලවුවද මහා බැංකුවේ ස්ථාවරය වුයේ එම දත්ත ලබාගැනීම සිදුකල යුත්තේ නීතීපතිවරයා මගින් බවයි . කෙසේ වෙතත් එම දත්ත ලබාදීමට මහබැංකුව පසුව එකඟ වූ අතර ඒ සියල්ල මේවනවිට ලබා දී අවසන් බව දැනගන්නට ඇත . ඒ අනුව විගනකාධිපතිගේ නිරීක්ෂණ ඉක්මනින් ලබාගෙන කෝප් කමිටු වාර්තාව 30 දාට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .

සිවිල් සංවිධාන සමග ජනාධිපතිතුමා හා අගමැතිතුමා පසුගියදා පැවැත්වූ සකච්චාවේදී යෝජනා වුවේ මහා බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පිලිබදව පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගතයුතු බවටය . කෙසේ වෙතත් කෝප් වාර්තාව ඉක්මනින් ලැබුනහොත් තවත් පරීක්ෂණයක් අවශ්‍ය නොවනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *