ජනාධිපතිගේ තවත් ජාතිය ඇමතීමක් බදාදා

ජානාධිපති ගොටාභය රාජපක්ෂ මහතා 16 දා, බදාදා නැවත වරක් ජාතිය අමතා කතා කිරීමට නියමිත බව ජානාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට ඇත.

වරින් වර ජාතිය අමතමින් රටේ තත්ත්වය ගැන ජනතාවට කරුණු කියා දෙන ජනාධිපතිතුමා පසුගිය අගෝස්තු මාසයේ ද ජනතාව අමතා කතා කළේ ය.

ජනවාරි 18 දා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් ජනාධිපතිතුමා එවකට පැවති තත්ත්වය ගැන කී ය.

ඉන් පසු මාස දෙකක් ගතවන්නට පෙර ජනාධිපතිතුමා නැවතත් ජාතිය අමතන්නට තීරණය කොට තිබේ.

බදාදා සවස එම ජාතිය ඇමතීම සිදුවනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *