ඉන්ධනට ගෙවද්දී ගෑස් නැව් තුනක් , භාණ්ඩ කන්ටේනර් 2500 ක් වරායේ සිරවෙයි

බරපතළ අර්බුදයකට ලක්වීමෙන් පසු ඉන්ධන නැව් කිහිපයක් මුදා ගැනීමට මහ බැංකුව ඩොලර් නිදහස් කළ අතරතුර මෙරටට ගෑස් රැගෙන ආ නැව් තුනක ගෑස් ගොඩ බාගත නොහැකි වී ඇති බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2500 ක් පමණ ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව වරායේ සිර වී ඇති බවත් වාර්තා වෙයි.

මේ වනවිට රටේ නැවතත් විශාල ගෑස් හිගයක් පවතින අතර එක් නවක ගෑස් ගොඩ බා ඇති නමුත් තවත් නැව් තුනක ගෑස් සඳහා ගෙවීම් කරගත නොහැකි වී තිබේ. එම තත්ත්වය තුළ දිවයින පුරා ආපනශාලා සහ බේකරි රාශියක වැඩ නැවතී ඇති බව ද වාර්තා වෙයි.

එමෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 2500 ක් ද වරායේ සිරවීම නිසා රට තුළ භාණ්ඩ හිගයක් ද නිර්මාණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *