අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යන්න විද්‍යාත්මක නැහැ – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

අත්‍යවශ්‍ය නොවන ලෙස භාණ්ඩ නම් කිරීම කිසියම් නිලධාරියකුගේ සිතැඟි අනුව සිදුවන්නක් බවත්, එය කිසිසේත් ආර්ථික විද්‍යාවෙන් නොපිළිගන්නා ක්‍රියාමාර්ගයක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එක අයෙකු අත්‍යවශ්‍ය නොවන ලෙස සලකන භාණ්ඩයක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය වන බවත්, ආණ්ඩුවේ ලයිස්තුවේ අත්‍යවශ්‍ය නොවන ලෙස සලකා ඇති පරිගණක සහ උපාංග එම අංශයේ සේවයේ යෙදී ඇති අයට සහ සිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ වන බවත් විජේවර්ධන මහතා කියයි.

එබැවින් මෙය ආර්ථික විද්‍යාවේ නොපිළිගන්නා අදහසකි.

එමෙන් ම , මෙලෙස සීමා කිරීම කිසිසේත් ප්‍රයෝගික නැති බව කියන විජේවර්ධන මහතා මෙලෙස සීමා කිරීමට යාමේ ප්‍රතිඵලය හොර ජාවාරම් වැඩි වීම බව පෙන්වා දෙයි.

පසුගිය කාලයේ පොහොර තහනම් කළ ද යාපනයේ පොහොර තිබු බවත්, 1970 – 77 කාලයේ එම ආණ්ඩුව විවිධ භාණ්ඩ සීමා කළ ද හොර ජාවාරම් නැවැත්විය නොහැකි වූ බව ද විජේවර්ධන මහතා පවසයි.

බී බී සී සිංහල සේවයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *