කතුන් ගේ දිනයට පසු කථනයක් – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

තවත් කාන්තා දිනයක් ගෙවී ගියේය. තැනින් තැන එකින් එක ආකාරයේ කතුන් එක් ව කාන්තා දින සැමරුම් සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණු නමුත් මෙරට කාන්තා ප්‍රශ්න වල සැබෑ  නියෝජනයක් ඒවා හි තිබුණේ ද යනු ගැටලුවකි.

මූලික ම කරුණ මෙරට කාන්තා දිනය ද මැයි දිනය මෙන් එහි සැබෑ උරුමකරුවන් අතින් ගිලිහී දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය. තවත් අතකින් කාන්තා දිනය වාණිජකරණය වී යම් යම් ආයතන වල හෝ සංවිධාන වල වැඩසටහන් සහ අවශ්‍යතා ප්‍රචාරය කෙරෙන මෙවලමක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ මෙරට කාන්තා අයිතිය අදාළ දේශපාලන පක්ෂයේ වපසරියට හෝ සංවිධානයේ අවශ්‍යතාවට අනුව නිර්වචනය වීමය.

මූලික ම කරුණ මෙරට කාන්තා දිනය ද මැයි දිනය මෙන් එහි සැබෑ උරුමකරුවන් අතින් ගිලිහී දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය. තවත් අතකින් කාන්තා දිනය වාණිජකරණය වී යම් යම් ආයතන වල හෝ සංවිධාන වල වැඩසටහන් සහ අවශ්‍යතා ප්‍රචාරය කෙරෙන මෙවලමක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ මෙරට කාන්තා අයිතිය අදාළ දේශපාලන පක්ෂයේ වපසරියට හෝ සංවිධානයේ අවශ්‍යතාවට අනුව නිර්වචනය වීමය. 

කාන්තා දින සංවාද වල මෑතක සිට ඉස්මතු වන එක් සංවාදාත්මක කරුණක් වන්නේ,පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන ආදියෙ හි කාන්තා නියෝජනය සම්බන්ධයෙනි. එහි සරල අදහස මෙරට ජනගහනයේ කාන්තා ප්‍රතිශතයට සාපේක්ෂ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ,පළාත් සභාවේ නොපවතින බවත් එය ම කාන්තා ප්‍රශ්න ⁣විසඳීමේදී ගැටලුවක්ව පවතින බවත්ය. බැලූ බැල්මට එම මතය තර්කානුකූලය. නමුත්, කාන්තා ප්‍රශ්න නො විසඳෙන එකම හේතුව ප්‍රතිපත්ති සම්පාදනයේ දී කාන්තා නියෝජනයක් නොලැබීම ම ද යනු  ගැටලුවකි.

බටු ගත්තද? පලා ගත්තද? අසන ජාතියේ ගොබ්බයන් ගෙන් යුතු පාර්ලිමේන්තුවකින් කාන්තා ප්‍රශ්න ගැන සාධාරණ එළඹුමක් අපේක්ෂා කළ නො හැකි බවට තර්කයක් නැත. ඇත්ත වශයෙන්  එවැන්නන් ගෙන් කාන්තා ප්‍රශ්න නොව වෙනත් කවර හෝ ප්‍රශ්නයකට බුද්ධිමත් පිවිසුමක් අපේක්ෂා කළ නොහැකිය. ඊළඟ කරුණ දැනට පාර්ලිමේන්තුව ( පළාත් සභාව හෝ පළාත් පාලන ආයතන ) නියෝජනය කරන මන්ත්‍රීවරියන් හෝ ඇමැතිවරියන් අතින් මෙරට කාන්තා ප්‍රශ්න විසඳීමට හෝ කාන්තා අයිතිය තහවුරු කරන්නට හෝ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු වන්නේ ද යන්නය. ඉන් පැහැදිලි වන්නේ කාන්තා නියෝජනය වැඩි කිරීමෙන් පමණක් ම කාන්තා අයිතිය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කළ නො හැකි බවය.

මෙරට කාන්තා ප්‍රශ්න යනු බොහෝ කාන්තා සංගම් සහ සංවිධාන මතු කරන අනවශ්‍ය ගැබ් ගැනීමෙන් වැලකීමේ අයිතිය ,ගබ්සාව, ගෘහස්ථ  හිංසනය, විරැකියා අනුපාතය පිරිමින්ට සාපේක්ෂව ඉහළ යාම , වැටුප් විසමතාව පමණක්ම නොවේ. ඒ කරුණු කාන්තා නිදහස සහ අයිතිය සම්බන්ධයෙන් වැදගත් ව පවතින බව පිළිගන්නා අතරම ඉන් එහා ගිය සහ මේ මොහොතේ කතුනට ඊටත් වඩා බලපාන ප්‍රශ්න සහ ගැටලු රැසක් පවතින බවද පිළිගන්නට සිදුවේ.

සැමියාගේ හිංසනයට නිතර ගොදුරු වන කතකට වුව ඊට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ඇය දන්නා නමුත් අවශ්‍ය  පියවර ගත නොහැකි වන සමාජ ආර්ථික ගැටලු පවතී. එකක් සමාජ අපවාදයයි. සැමියාට එරෙහිව පොලිසියට යාම අයිතියක් වුව, සමාජය ඒ දෙස බලන්නේ වපර ඇසිනි. දික්කසාදය සම්බන්ධයෙන් වුවද තත්ත්වය එයමය. සැමියා හැර ගිය කතකට සමාජයේ ජීවත්වීම පහසු නැත. දරුවන් සිටීනම් තත්ත්වය තවත් බරපතළ වේ. වර්තමානයේ නිතර කතා කරන තරුණ අසහනය කෙරෙහි ද තනිව වෙසෙන මවු පියන්ගේ දරුවන් වීම බලපා ඇතැයි පැවසේ. දික්කසාදයට හේතුව සැමියාගේ වරද නම් , එවැනි සැමියකු බාරයේ දරුවන් රඳවා යාම ගැන කතකට දෙවරක් සිතන්නට සිදුවන බව පැහැදිලිය.

සැමියාගේ හිංසනයට නිතර ගොදුරු වන කතකට වුව ඊට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ඇය දන්නා නමුත් අවශ්‍ය  පියවර ගත නොහැකි වන සමාජ ආර්ථික ගැටලු පවතී. එකක් සමාජ අපවාදයයි. සැමියාට එරෙහිව පොලිසියට යාම අයිතියක් වුව, සමාජය ඒ දෙස බලන්නේ වපර ඇසිනි. දික්කසාදය සම්බන්ධයෙන් වුවද තත්ත්වය එයමය. සැමියා හැර ගිය කතකට සමාජයේ ජීවත්වීම පහසු නැත. දරුවන් සිටීනම් තත්ත්වය තවත් බරපතළ වේ.

කාන්තාවන්ගේ චින්තන රටාව විසින් ද කාන්තා හිංසනයට අනුබල සැපයෙන බව තවත් ආකාරයකින් පෙනේ. ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ කාන්තා සුබසාධන සමීක්ෂණ වාර්තාව අනුව පෙනෙන්නේ මෙරට කතුන්ගෙන් 35.3% බිරිඳට පහරදීමට පුරුෂයාට හේතු තිබිය හැකි බවට එකඟ වන බවයි.එපමණක් නොව එම සමීක්ෂණයට අනුව මෙරට කතුන්ගෙන් 47.5%ක් කාන්තාවට වඩා පිරිමි උසස් බව සිතති.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ මෙරට කාන්තාවන් පිළිබඳ ප්‍රශ්නය කාන්තා සංවිධාන නියෝජිතවරියන් සිතනවාට වඩා බරපතළ එකක් බවය. නිදසුනක් වශයෙන් දරුවන් කුසගින්නේ සිටී නම් කතකට තම අයිතිය ගැන සිතනවාට වඩා දරුවාගේ කුසගින්න ගැන සිතන්නට සිදුවේ. බලහත්කාර ගැබ්ගැනීමකින් ඇතිවන දරුගැබක් ගබ්සා කිරීමට අයිතිය ඉල්ලනවාට වඩා එවැනි දරුවන් රැකබලා ගන්නා සමාජ සුබසාධන වැඩසටහන් ඉල්ලාසිටීම වැදගත්වේ.

විවාහයෙන් පසුව රැකියාවෙන් ඉවත්වන්නට කතුනට සිදුවීම වැනි ගැටලුවකට විධිමත් දිවාසුරැකුම් මධ්‍යස්ථාන වැනි දේ මගින් විසඳුම් සෙවිය හැකි වේ.ඒ දේ කළ හැක්කේ මානවවාදී ප්‍රතිපත්ති සම්පාදකයන්ටය. එහිදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයට වඩා වැදගත් වන්නේ චින්තන රටාවය.පැරැණි සෝවි⁣යට් රුසියාවේ වැඩකරන කතුනගේ දරුවන් වෙනුවෙන් මවු කිරි බැංකු ගොඩනඟා තිබුණාය යන කියුම⁣ මෙහිදී සිහිවේ.එවැනි පියවර සඳහා මේ මොහොතේ සියල්ලටමත් වඩා රටට අවශ්‍ය වන්නේ චින්තන විප්ලවයකි.

විවාහයෙන් පසුව රැකියාවෙන් ඉවත්වන්නට කතුනට සිදුවීම වැනි ගැටලුවකට විධිමත් දිවාසුරැකුම් මධ්‍යස්ථාන වැනි දේ මගින් විසඳුම් සෙවිය හැකි වේ.ඒ දේ කළ හැක්කේ මානවවාදී ප්‍රතිපත්ති සම්පාදකයන්ටය. එහිදී ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයට වඩා වැදගත් වන්නේ චින්තන රටාවය

එවිට බටුගත්තද පලාගත්තද අසන ජාතියේ ගොබිලන්ට සමාජයේ අවස්ථාව අහිමි වේ. ප්‍රජාතන්ත්‍රවාදීව සමානාත්මතාවෙන් යුතුව සිතන පතන පිරිසක් සමාජයේ සිටින්නේ නම් එවැනි පිරිසක් ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදෙන්නේ නම් කතුන් වෙනුවෙන් කතුන් හෝ පිරිමින් වෙනුවෙන් පිරිමින් නියෝජනය විය යුතුය යන කියුම අවශ්‍ය වන්නේ නැත .ගැහැනුන් සහ පිරිමින්ගෙන් සමන්විත සමාජය ආකල්පමය වෙනසකට ලක් කිරීම වසරකට වතාවක් කතුන් වෙනුවෙන් පෙළපාලි යාම හෝ උද්ඝෝෂණ කිරීම තරමට සරල හෝ පහසු නැති වුව කළ යුතුව ඇත්තේ එයය.තම තමන්ගේ දේශපාලන හෝ ව්‍යාපාරික හෝ වෙනත් එවැනි පටු අරමුණක් හෝ වෙනුවෙන් කාන්තා දින සැමරුම් කරන පිරිසක ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යනු ගැටලුවකි.

  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *