අද කොවිඩ් වාර්තා ; මරණ 11 යි ; නව ආසාදිතයින් 675 යි

කොවිඩ් සම්බන්ධයෙන් අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිකුත් කොට ඇති නිවේදන අනුව තවත් කොවිඩ් මරණ 11 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 675 ක් ලෙස වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 16,361 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 654,336 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *