ආනයන භාණ්ඩ 367 කට ආණ්ඩුව සීමා පනවයි ; සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම්

අත්‍යවශ්‍ය නොවන ලෙස රජය සලකන භාණ්ඩ 367 ක් සඳහා සීමා පැනවීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.

ඇපල්, මිදී , දොඩම්, චීස් ,බටර් වැනි ද්‍රව්‍ය මෙයට ඇතුලත් ය.

රජය මේවා අත්‍යවශ්‍ය නොවන ලෙස සලක සීමා කළ ද සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍ය බව එම කර්මාන්ත කරුවෝ කියති.

ආණ්ඩුව පසුගිය කාලයේ උත්සහ දරමින් සිටියේ සංචාරක කර්මාන්තය නගා සිටුවා එහි ආදායම වැඩි කර ගැනීමටය.

මෙම කර්මාන්තය කොවිඩ් නිසා බරපතාල අර්බුදයට ලක් වූ අංශයකි. ආණ්ඩුවේ මෙම තීන්දුව නිසා එයට තවත් බරපතල පහරක් වදින බව කියති.

ඇපල්, මිදී, දොඩම්, ඇතුළු පලතුරු ගෙන්වීමට පසුගිය වසරේ වියදම් කොට ඇති මුළු මුදල ඩොලර් මිලියන 67.56 කි. මේවා සංචාරක කර්මාන්තයට මෙන් ම ඇතැම් රෝගීන්ට ද අත්‍යවශ්‍ය වෙයි.

චීස් ගෙන්වීම සඳහා පසුගිය වසරේ වියදම ඩොලර් මිලියන 17 කි.

ආණ්ඩුවේ තහංචි මගින් මෙම මුදල්වලින් කොටසක් ඉතිරි කර ගත හැකි වනු ඇතත්, සංචාරක කර්මාන්තයේ ආදායම් අහිමි වීම ඊට වඩා විශාල විය හැකි බව කියති.

මෙය ඩොලරයේ මිල පාලනය කිරීමට ගොස් විදේශගත වුවන් එවන ප්‍රේෂණ අහිමි කර ගත්ත වැනි ම මෝඩ තීන්දුවක් බව ව්‍යාපාරිකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *