සර්ව පාක්ෂික සමුළුවට පෙර මුල්‍ය අරමුදලේ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න – එජාප නායක රනිල් ඉල්ලයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ අධ්‍යයන වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට දීමට රජය මීට පෙර පොරොන්දු වූ බව ද ඒ මහතා මතක් කළේය.

යෝජිත සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ නම් ඊට පෙර මෙම වාර්තාව ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, මෙම වාර්තාව මුල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත් කිරීමට රජය විරුද්ධ වූ බව වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *