විමල්, උදය විතරක් අයින් කළේ වාසු නිකම් ම යවන්න හිතාගෙන – බැසිල්

වාසුදේව නානායක්කාර ඇමතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනා ඉවත් කළ විට වාසු නිකම් ම ඉල්ලා අස්වනු ඇතැයි විශ්වාසයෙන් බව ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත්, බලාපොරොත්තු පරිදි වාසුදේව නානායක්කාර මහතා ඉල්ලා අස් නොවූ අතර ඒ මහතා ඇමති ධුරයේ වැඩ වර්ජනයක යෙදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *