ශ්‍රී ලංකාව ගැන මුල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ විරුද්ධත්වයෙන් නවතී

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිලිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සකස් කළ අධ්‍යයන වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා රජය විරුද්ධත්වය පළ කිරීම නිසා එය ප්‍රසිද්ධ නොකර ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි වන බැවින් එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.

සිය සාමාජික රටවල් සමග වාර්ෂිකව සිදුකරන උපදේශාත්මක අධ්‍යයනයක් මගින් සකස් කරන මෙම වාර්තාව මුල්‍ය අරමුදල මගින් මෙන් ම අදාළ ආණ්ඩු විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.

එසේ වුව ද, ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ විරෝධය නිසා මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කොට නැත.

කෙසේ වෙතත්, තම ප්‍රධාන නිගමන ඇතුලත් මාධ්‍ය නිවේදනයක් මුල්‍ය අරමුදල මගින් නිකුත් කොට තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අනතුරුදායක මට්ටමක ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *