මොදී ලංකාවට එයි , සැලසුම් කරන්න බැසිල් ඉන්දීයා යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා මේ මස අග දී ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ලබා දෙන ආධාර සහ ඉන්දියාව බලාපොරොත්තු වන භූ දේශපාලනික ප්‍රති උපකාර සම්බන්ධයෙන් තීරණ රැසක් මෙම සංචරත් සමග අවසන් වශයෙන් තීරණය වීමට නියමිත බව කියති.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇති ඩොලර් බිලියනයක ණය සම්බන්ධයෙන් ද අවසන් තීරණ ගැනීමට මෙහිදී අපේක්ෂා කෙරෙයි.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, පළාත් සභා ඡන්ද පැවැත්වීම, ඉන්දියානු ආයෝජන සඳහා අවස්ථා ලබාදීම ඉන්දියාව පැත්තෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් බව වාර්තා වෙයි.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය සිදුවන්නේ මෙම මස 30, 31 දිනවල බවත්, මෙරට දී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන අතරවාරයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයින් හමුවීමට නියමිත බවත්, වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *