ජනතාවට නොකඩවා මත්පැන් ලබාදීම සහතිකයි – සුරා බදු දෙපාර්තමේන්තුව

ඉන්ධන හිගය සහ විදුලිය කැපීම නිසා 22 දා සිට මත්පැන් නිෂ්පාදනය නවතින බවට සමාජ මධ්‍යයේ පළ වූ වාර්තා අසත්‍ය බවත්, දේශීය වශයේ මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

දේශීය වශයෙන් බලපත්‍ර හිමි මත්පැන් නිෂ්පාදන 23 දෙනෙකු සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය එතනෝල් සහ අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව  මේ දක්වා පවතින බවත් , එම නිවේදනයේ සඳහන් ය.

සුරා බදු දෙපාර්ත මෙන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් ( නීති ක්‍රියාත්මක කිරීම ) කපිල කුමාරසිංහ මහතා විසින් ඊයේ මෙම මාධ්‍ය නිවේදනය නිකුත්කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *