රුපියල පා කිරීමේ අවසන් තීරණය ඉන්දීය විදේශ ඇමතිගේ – ආචාර්ය හර්ෂ ද සිල්වා

පෙරේදා වනතෙක් රුපියල පා නොකරන බව තරයේ කිව් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල පා කිරීමට ඊයේ තීරණය කිරීමට හේතුව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයසාන්කර මහතා සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඩොලර් බිලියනයක ණය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි ක්‍රියාවට නැගීම සඳහා රුපියල පා කිරීමට සිදු වූ බව ඒ මහතා කියයි.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඵලදායි සහ සුහද දුරකථන සාකච්ඡාවක නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාව තවදුරටත් හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සහතික වූ බව ද සඳහන් ය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *