අද කොවිඩ් මරණ 11යි ; නව ආසාදිතයින් 632 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත්  කළ නිවේදන මගින් තවත් කොවිඩ් මරණ 11 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස 632 ක් වාර්තා කොට තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,350 ක් ලෙස සටහන් වී තිබේ.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද දින සටහන් වන්නේ 653,661 ක් වශයෙනි . ප්‍රමාද වී තහවුරු කළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ද අද සංඛ්‍යාවට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *