බුදුන් වඳින මේ වැඬේඅද සුපර් මාර්කට් යනවා වගේ ව්‍යාපෘතියක් – ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

නොයෙකුත් බාධක මැද්දේ හරි මේ සමාජය වෙනුවෙන් අපේ රටේ කලාකරුවා යමක් කරලා තිබෙන බවයි මගේ අදහස. මෙහෙම කියැවිමකට ගියොත් තමයි අශෝක හඳගම කරලා තිබෙන දේ කොපමණ ප‍්‍රයෝජනවත් ද යැයි පෙනෙන්නේ. මීට කලින් අක්ෂරය කෘතියේ ඔබට මතක ඇති, ඉතාම හොඳින් ඔහු මේ වගේ දේවල් සාකච්ඡුා කළා. නමුත් අර ප‍්‍රතිබිම්භය කොපමණ භයානක ද කීවොත් ඒ කෘතිය තහනම් කළේ ය. තාත්තෙක් නැතිව හැදෙන පුතෙක් එතන ඉන්නවා. ඔබට මතක නම් ඒ පුතා මිනී මරණ එකේ වෙනස දන්නේ නැතිවයි හැදෙන්නේ. මිණිමරුවෝ කොච්චර  ජනප‍්‍රිය වෙන්නට නියමිත ද යන්න අශෝක හඳගම එදා දැනගෙන හිටියේ ය.  මේ සමාජයේ එහෙම උනේ නැත් ද? මේ අය හැදී ඇත්තේ හොඳ නරක සිමාව නොදැන ය. ගාමිණි වියන්ගොඩ පැහැදිළි කළා පවුල ඇතුලේ මේ බිඳවැටීම නිරූපනය කරන්නට හඳගම ගන්න උත්සහාය. අර තක්ෂිලා ස්වර්ණමාලිගේ කවියකුත් මට මතක් වේ. විශ්ව ගම්මානය අල්ලක් උඩ නේ  අද තියෙන්නේ.  තාත්තා අන්තර් ජාලයේ. අම්මා ඊ මේල්වල. නංගි එෆ් බී එකේ. මල්ලි තවත් තැනක. නමුත් ඒ අය එකිනෙකා කථා කරන්නේ කලාතුරකිනි. එකිනෙකාට ඔවුන් මුණගැහෙන්නේ නැත. තත්ත්වය හා කාර්යභාරය ඔවුන් අහිමි කරගෙන ඇත.
ඊට අමතරව බාහිර ධනේශ්වර සමාජයෙන් ඇතිකරන බලපෑම නිසා ඔවුන් පරාරෝපිත වෙන එක වළක්වන්නට නොහැක. දැන් බිරිඳගේ ආගමික කටයුතු ගතහොත් නිතරම එයා ඉන්නේ මේ කුටිය ඇතුළේ. අපි එකම වතාවක්වත් දැක්කා ද බිරිඳ ඵළියේ ඉන්නවා. එකම තැනකවත් දකින්නට නැත. ඇය ඉන්නේ මේ ගේ ඇතුළේ පමණ ය. එක්තරා විදියකට ගතහොත් සතුටින් සිරගත වී, නැත්නම් මේ මධ්‍යම පංතිය කැමැත්තෙන් සිරගත වී සිටිති. එයා බාහිර සමාජයේ පිහිටුවා, ගහ කොළ සහිත සමාජයේ මේ ගැහැණිය කිසිම වෙලාකව හිටගන්නේ නැත. තරුණිය එකතු කරගෙන එන්නට යන බව පමණයි අපි දකින්නේ. මේ ගෙදරින් එළියට යන්නේ තාත්තයි දියණියයිි පමණි. මේ අම්මාට එළියට යන්නට ලැබෙන්නේ නැත. එයා ඒකට හොයා ගන්න විසඳුම තමයි ආගමික ව්‍යාපෘතිය. මනාව හොඳින් ලියලා පිටපතක් අනුව සැකසූ ව්‍යාපෘතියක් අද ඒක. පන්සල් පැත්තෙනුත් එහෙම මයි. ඒක පිලිපදින අයගේ පැත්තෙනුත් එහෙමයි. දැන් එයා බුදන් වඳින හැටි. පන්සල් යන හැටි. බුදුන් වඳින මේ වැඬේ අද සුපර් මාර්කට් යනවා වගේ එක ව්‍යපාතියක්. එහෙම මට උච්චාරණය කරන්නවිම පිලිබඳව කවුරුත් කළබල වියයුතු නැත. ඒක හඳගමගේ වරදක් ද නොවේ.
මේ චරියාව අපි දන්නවා පුරුද්දක් වගේ දෙයක් බව. දුවත් ඒක කරලා බලනවා. එයා යමක් අවබෝධ වෙලා නොවෙයි ඒක කරන්නේ. වැඳලා බලනවා. අර තරුණියත් ඒකම කරන බව ඔබ දැක්කා ද ? එයත් බලනවා මෙතනින්වත්, මොකක් හරි ගැලවීමක් තියෙනවා ද යන්න.  ඔබ දැක්කාද ඒ තරුණියගේ ඇස යොමුවෙන හැටි බුදුන්ගේ මුහුණ දිහාවට. කලාකරුවා මෙතන දී ප‍්‍රවේසම් වෙනවා බුදුන් වහන්සේගේ  මුහුණ නොපෙන්වා ඉන්නට. ඒක යහපත් ය. නමුත් කොයි තරම් බියකින් ද ඒ පැත්තට ඇයගේ මුහුණ යොමු වන්නේ. මේ පන්සලත් එක්ක කරන වැඬේ ඇතැම් විචාරවල මං දැක්කා පහරදිලත් තිබුණා. අපේ පන්සල මෙහෙම ද?
මේ සැරේ හාමුදුරුවරු නැගිට්ටේ නෑ මේ කෘතියට එරෙහිව.  ඒ අයට ඇත්තටම නැගිටින්නට බැහැ. නමුත් අවසානයේ ගත්තාම මගේ වැටහිම නම් හඳගම කියන්නේ බුද්ධාගම සෙල්ලමට ගන්නට එපා කියන එක. මේ වැඬේට බුද්ධාගම ගන්න එපා කියන එකයි ඔහු කියන්නේ. ඔහු පුවත්පතකට අදහසක් කියලා තිබුණා ඇයි මේකට පල්ලියක් නොගත්තේ කියලා. ඔහුම කියනවා ඇයි මම පල්ලියක් ගන්නේ මං බුද්ධාගම් කාරයෙක් කියලා. මං මගේ පැත්තෙන් බලන්න තරම් සදාචාරවත් විය යුතු බවයි ඔහු පවසන්නේ. කලබල නොවි බැලූවොත් අපිට පෙනෙන්නේ ඇත්තටම බුද්ධාගම බේරෙන වැඩක් මේක. ප‍්‍රශ්නය තිබෙන්නේ මේක තේරුම් ගන්නට තිබෙන ඉඩකඩ වහනවා ව්‍යසනකාරි උදවිය. මේ පාර අහුරනවා මේ ව්‍යවසනය තෝරා දෙන්නේ නැතිව. නීතිය මත පිහිටීමෙන් තොරව ලංකාවට ගමනක් නැත. නීතියේ පාලනයට පයින් ගහපු එක නේ ද මේ අපි අත්විඳින ව්‍යසනය. මේ යුගයේ කලා කෘති හංගන්නට නොහැක. මම හිතන්නේ හඳගමගේ වැඩිපුරම රසිකයෝ බලා තිබෙන කෘතියත් අක්ෂරය වේ.
සුදු ඇඳගෙන සියලූ දෙනා බොරුකරන බව පන්සලේ මිදුලේ දී තමයි එළියට එන්නේ.  නමුත් ඒ දර්ශනයට මගේ පෞද්ගලික කැමැත්තක් නැත. මක් නිසා ද යත්, එය වෙනත් දිසාවකට වර්ධනය කරන්නට තිබුණි. මේ සමාජ විග‍්‍රහයේ කොටස ගෙනෙන්නේ නැතිව මේ පුද්ගල චරිත හතරේ වෛතසික විග‍්‍රහය ඇතුලට ගියා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ. ඒක මට කරන්නට බෑ මේක හඳගමගේ චිත‍්‍රපටිය නිසා. ඒ නිසා ඔහුගේ දේශ පාලන විග‍්‍රහය ඔහු කොහෙන් හෝ හොයාගන්නවා තමන්ගේ කාතිය ඇතුළට ගෙනෙන්නට. ඒකට අපිට අනපනත් පනවන්නට බෑ. මක් නිසා ද යත්, එසේ වන්නේ ඔහු නිර්මාණ කරුවන නිසා ය. මේ අන්තිම කොටසේ පන්සල් එන මැරයෝ ඉන්නේ ජාතික ඇදුම් එහෙම ඇඳගෙන. දේශපාලන සුභසාධනයට යටවෙන පන්සල අපිට දකින්නට ලැබෙන්නේ. අහවල් පන්සලට පනස්දාහක් දුන්නා යන ලෙස කරන කටයුතු  අද බහුල ය.  අපේ විශ්ව විද්‍යාලවල උනත් ශිෂ්‍ය සංගම් සියල්ලම ක‍්‍රියාත්මක වන්නේ සුභසාධන කටයුතුත් සමග ය. සුභසාධන කටයුතු වල හේතුව නැතිකළා නම් ශිෂ්‍ය සංගම් පවතින්නේ නැත. එතකොට ශිෂ්‍යයන්ට පුළුවන් සමාජය යහපත දිසාවට දිසානත කිරීම වෙනුවෙන් පිරිසිදු දේශපාලනයක නිරතවන්නට. දැන් එක කරන්නට වී තිබෙන්නේ කැන්ටිමේ කෑම හොඳ නෑ ඒ නිසා ඒකට විරුද්ධව නැගී සිටිම වැනි ක‍්‍රියා ය. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය විකෘති වෙමින් යනවා මේක නිසා.  සමාජය වෙනස් කිරීම සඳහා පුද්ගලයා වෙනස්කර ගැනීම කියන බලගතු දේශපාලනය කරන්නට බැරිව ගිහින් තිබේ. පන්සල්වලට දේශපාලනඥයෝ ගිහින් බහින්නේ ම මොනවා හරි හදන්න තියෙන අඩුපාඩුවක් ගැන බලාගෙන. ඊ ළඟට බෝ මලූවේ තුවක්කු ඇදගෙන ප‍්‍රශ්න විසඳා ගැණිම, ඒ වගේම කෙහෙවලූ පටලවා ගැණිම වැනි සියලූ දේවල් මේ කෘතියේ අපි දකිමු. ඒක පන්සලේ ව්‍යසනය ලෙස හඳුන්වන්නට පුළුවන.
ඊ ලඟට අපිට මතක් වෙනවා සම්මත අර්ථය ඇතුළේ පන්සල අභය භූමියක් කියන එක.  නමුත් ඔබ දුටුවා ද අර සියලූම දෙනාටම පන්සල දැන් බිය කැඳූවන තැනක් වී ඇති බව.  මෙතනින් පුළුවන් තරම් ඉක්මණට යමු කියලයි ඒ අය කියන්නේ . පන්සල කියන්නේ අද එහෙම අධ්‍යාත්මිකව තාවකාලිකව හෝ නිවීමකටවත් ගොඩවෙන්නට තැනක් නොවේ. පුළුවන් තරම් ඉක්මනට අපි යමු කියන එකයි ඒ අය කියන්නේ. ඒ අයගේ දෙබස්වල වාච්‍යාර්ථය පමණක් නොවෙයි නේ නගන්නේ. ඒ නිසා හඳයා අවශ්‍ය විග‍්‍රහය අවසන් කොටසෙන් හොඳින් කරගන්නවා.
මේකට යොදාගෙන තිබෙන්නේ විශ්වවිද්‍යාල කේන්ද්‍රීය කථාවකි. මහාචාර්යවරයෙකි මෙහි ඉන්නේ. ඇතැම් විචාරවල කියැවුනා චිත‍්‍රපටිය බලලා එලියට ආ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් කිවා කියලා හොඳ වෙලාවට වයිෆ් එකතු කරගෙන නාවේ කියලා. ඒ වගේම මගේ මිතුරෙක් පසුගිය දවසක සිනමා ශාලාවේ සිටියදී මට පණිවිඩයක් එව්වා ඇගේ ඇස අග බලමින් ඉන්නේ කියලා. ඒක බලන්න අපි මිනිසුන්ව පොලඹවනවා නේ. එහෙම ගිය මිතුරෙක් නෝනත් සමග සිනමා ශාලාවේ ඉන්න බව කියලා එස්. එම්. එස්. පණිවිඩයක් එව්වා. දරුවන්ට එහෙම බොරු කියලා තමයි මේ අය ඒක බලන්න යන්නේ. දරුවෝ එක්කගෙන යන්නේ නෑ මේක බලන්න. මේවා තමයි තියෙන ගැටළු. චිත‍්‍රපටිය නරඹා පණිවිඩයක් ආවා අද ගෙදර ඉඳලා ඉවරයි කියලා. නමුත් එක හාස්‍ය සහිත පණිවිඩයක්.  බිරිඳ බලන්නේ හරි යමංකෝ ගෙදර කියන්නා වගේ ය කියන එකයි ඔහු එයින් කිව්වේ. නමුත් මේකෙන් අදහස් වන්නේ නෑ විශ්ව විද්‍යාලවල තත්ත්වය මේක කියලා. මම හිතන්නේ හඳගම තෝරා ගන්න පරිශ‍්‍රය විශ්ව විද්‍යාලය වූවත්, ඔහු කියන්නේ එතනට පමණක් අදාල කථාවක් නොවේ. රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, පන්සල්, දහම් පාසැල්, හමුදාව. අධිකරණය, රෝහල. මේ  ඕනෑම ආයතනයක අද වෙනවිට මේ ගැටළුව මෙහෙම තිබෙනවා. ඒ නිසා කලාකරුවා තෝරාගත්ත තැනට ඌණනය කරලා මේක බලන්නට බෑ. එක සහෝදරියක් මගෙන් ඇහැව්වා ඔය වගේ කෙල්ලෝ ඉන්නවාද විශ්ව විද්‍යාලයේ කියලා. එතකොට අපිට තේරෙනවා කලා කෘතියක් උරා ගැණිමේ පුහුණව නැති කෙනෙක් ඒ සහෝදරිය.
සිනමා සාක්ෂරතාවය වගේ එකක් ගැන කවර කතා ද? චිත‍්‍රපට බලා පුරුදු වෙන්නට අවශ්‍ය ය. ඒක වෙනම දෙයකි. ඒකට ආවේනික විදියක් තිබේ. ඒ නිසා ඒක නොදැන භාවිත කිරීමෙන් මේක වරදින්න පුළුවන් කෙනෙකුට.  අපි ඒ ගැන කලබල වියයුතු නැත.  හඳගම විශ්ව විද්‍යාල පරිසරය තෝරාගෙන සමාජ  හරස් කඩක් පෙන්වන බව වටහා ගත යුතු ව ඇත. ව්‍යසන වලින් කිහිපයක් ප‍්‍රතිනිරූපණය කරන කෘතියක් මේක. එතන දි වසගකාරී ස්ත‍්‍රිය වෙනුවට වසගය කියලා අපිට නිර්මාණකරු මනෝ විශ්ලේෂණයට අයිති වචනයක් ප‍්‍රදානය කරයි. මම හිතනවා විදර්ශන, බුපති වගේ කෙනෙක් මේ ගැන කථා කරනවා නම් තමයි හොඳ. මක් නිසාද යත් මනෝ විශ්ලේෂණයේ ආධාරය මෙතනට අත්‍යවශ්‍යම ය.
මේ වසඟකාරි ස්ත‍්‍රියගේ ලක්ෂණ මේ කෘතිය තුළ තිබෙනවා. බොරු කියන එක එහි එක් ලක්ෂණයකි. ඇය බොරු කියනවා. ඊ ළගට එයා ඉන්නේ ව්‍යාපෘතියක. ඒක එයාගේ වචන වලින්ම කියයි. මේ ගෙදරට ඇවිල්ලා මගේ වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන් අවුල් උනා කියලා එයා කියනවා. එයා දැනුම්වත් ව්‍යාපෘතියක ඉන්නේ. එසේම ස්ත‍්‍රිය පමණ ද වසගකාරි. මනෝ  විශ්ලේෂණයෙන් පෙන්වන්නේ ස්ත‍්‍රිය විතර ද වසගකාරි වන්නේ. නැත. ස්ත‍්‍රිය වසගකාරි වීමට වෙනත් ආවේනිකම හේතුන් මනෝ විශ්ලේෂණය පෙන්වන අතරේ මේ සමාජයේ පිරිමියා ද වසඟකාරි වෙලා තියෙනවා. නමුත්  එක නිර්මාණ කරුවෙකුට සැම ක්ෂේත‍්‍රයකටම ගොස් සාධාරණය ඉටුකිරිම කළයුතු දෙයක් නොවේ. ඒක ඇතැම්විට ඔහුගේ ඊ ළඟ කෘතියට ඇතුලත් වන්නට පුළුවන. මා සඳහන් කළේ අරවගේ පැත්තකුත් තිබෙන බව ය.  එතකොට මේ වසඟයේ ලක්ෂණ, වසඟකාරි කෙනෙක් විධිමත් සම්බන්ධතාවයකට ඇතුල් උනාම සිද්ධවන දේ තමයි, විධිමත් සම්බන්ධතාව ඒ මොහොතේ පළවෙනි නිමේශයේ සිට අවුල්වන එක. ඒක තමයි මහාචාර්යවරයා අහන්නේ මේ ක‍්‍රිඩාව නතර කරමු කියලා. මට පවුලක් තිබෙනවා. ඔබට අනාගතයක් තිබිය යුතුය. ඔහු තේමා දෙකම පෙන්වා දෙයි. නමුත් මෙහෙම කියන මහාචාර්යවරයා ඔහුට ම නොදැනීම ඔහු මේ සම්බන්ධය ඇතුළට පිවිසෙන හැටි බලන්න. ඒක තමයි මම අර කැමතිවෙන සංකීර්ණ මනුශ්ෂ්‍ය චර්යාව. ඒ පැත්ත පිළිබඳ වැඩිදුර විග‍්‍රහයට යාගන්නට තිබුණා නම් තමයි හොඳ. දැන් කවුරුත් ගෙදර නැති මොහොතේ ඔහුගේ ෆැන්ටසිය ඇතුළේ නිදහසේ ඔහු ඉන්නවා. මොකද ඒ ගෙදර තිබෙන තහනම පන්සල් ගිහින්. ඒ මොහොතෙත් ඔහු අගුල හොඳට දාලයි ඉන්නේ. මොකද මේ ඉර ලකුණුකර ගන්නට. එසේ නැත්නම් මේ පැන්ටසිය ඇතුලේ  රැුදෙන්න බෑ. කවුරු හරි ඇවිල්ලා අවදිකරනවා. නැත්නම් භෞතික ලෝකයට ඔහුව ගන්නවා. ඔහු බලනවා දරුවා ඉන්නේ මොන වගේ ෆැන්ටසියක ද? කියලා. පළවෙනි වතාවට ඒ තාත්තා දරුවගේ අර හෙඞ් ෆෝනය දාලා බලනවා. මොනවගේ සින්දු ද ඇය අහන්නේ කියලා. ස්වර්ණා නිරුපනය කරන චරිතයයේ අභ්‍යන්තරයට තව පිවිසෙන්නට අවස්ථාව අරගෙන ඒ පැත්තෙන් ගියානම් හොඳයි කියලා රසිකයෙක් හැටියට මම යෝජනා කරනවා.
හඳගමගේ සිනමා බස සිනමා නිරූපි බවින් වැඩගන්නා තැන් බොහොමයක් ඔබට මේ චිත‍්‍රපටිය ඇතුළේ හොයාගන්නට පුලූවන. මහාචාර්යවරයා හා තරුණිය එකතුවෙන හැම මොහොතකම ඔබට මතක නම් ආලෝකකරණය වැනිදේ තුළ ඇතිවන වෙනස. රතුපාට හා නිල්පාට භාවිත කරන විධිය. ෆැන්ටසියට පිවිසෙන හැම මොහොතකම අර පොරෝනේ සිදුරක් ලඟට සමීප රූපයක් පැමිණ ඒ සිදුරෙන් පොරෝනය ඇතුලේ සිද්ධවන දේ ගේන ආකාරය බලන්න. චිත‍්‍රපටකරුවෙක් සතුව තියෙන භාෂාව කොපමණ ශක්තිමත් ද කියන එක පේනවා. ඒ වෙලාවට චිත‍්‍රාල් සෝමපාල භාවිතා කරන සංගීතයේ  වෙනස අසන්න. යථාර්තවත් ලොවේ වර්ණ නැහැ කොයි වෙලාවෙවත් මේ ෆැන්ටසිය සාකච්ඡුා කරන වෙලාවට. ඒ නිසා ඔබට මතක නම් අම්මයි දුවයි පන්සල් ගිය වෙලාවේ තමයි මේ සුවඳ විලවුන් කුප්පියේ කතන්තරය එන්නෙත්. අම්මයි දුවයි ඇවිල්ලා අහනවා එයා ආවාද කියලා. මොකද එයාගේ සුවඳ තියෙන නිසා. අපි දන්නවා ඇත්තට ම එයා ආවේ නෑ. මහාචාර්යවරයා සිටියේ කාල්පනික අත්දැකීමක් ඇතුළේ. නමුත් මහාචාර්යවරයා මේ වෙලාවේ බොරුවක් කියනවා. එයා කියනවා ඔව් ඇය ආවා කියලා. එතනින් එහාට ආවේ නැ කියලා වැඩක් වෙන්නේ නැ. අර දෙන්නට සහ අර සම්බන්ධතාවල වියවුල මේ වගේ ශාස්ත‍්‍රිය මිනිසෙකුට සලකුණු කරගන්නට බෑ මේ සම්බන්ධතා ජාලය අවුල් කලාට පසු එතනින් එහාට. පවතින්න සම්බන්ධතා විකෘති වෙලයි දැන් තියෙන්නේ. ඒවා යථාර්ථයේ කොන්දේසි ඇතුලේ නොවෙයි තිබෙන්නේ.  ඊට අමතරව ලංකාව ගිලගෙන තිබෙන ප‍්‍රශ්නයක් තමයි මේ වියපත් විම. වියපත් වුනාට පසු ලෞකිකත්වය අතහැරලා ව්‍යාජ අධ්‍යත්මිකත්වයකට නැඹුරුවි පන්සල් යන හැටි.  ඒ ප‍්‍රශ්නය මේ කෘතිය තුළ හොඳට සාකච්ඡුා වෙනවා. සිරුරු ස්ථුලවීම. ශරීරය නඩත්තුකරන එක අතහරින එක එක්තරා නැතකට පසුසේ. මහාචාර්යවරයාගේ බිරිද නිතරම උනන්දු වෙන්නේ තරුණියගේ ශරීරය ගැනය. ඒ නිසා තමයි අර කියන්නේ දැන් හීනියට හිටියට පස්සේ අල ගෝනියක් වගේ වෙන්නට නියමිතයි කියලා. ඒ නඩත්තුව එක තැනකින් අතහරින නිසා. අතහැරලා අපි බොරුවට පන්සල් ගියාට, අපි ඇත්තටම ඉන්නේ අර මධ්‍යම පංතික තෘෂ්ණාව අධික ලෝකයක ය. උදේ හවස බුදුන් වඳින මේ බිරිඳ නිදි යහනේදි බලනවා ස්වාමියා අවදිකරගන්නට පුළුවන්ද කියන එක. කිහිප විටක් ඇය උත්සහා කරනවා ඒකට. හැබෑ අධ්‍යාත්මික ගමනක ඇය පිහිටලා නෑ. ඒ නිසා අපි ජීවත් වන ලෝකයේ  තිබෙන වෙස් ගැන් වු ව්‍යජ  පිටපත හඳගමගේ අවධානයට පාත‍්‍ර වෙනවා. මේක එක අදහස් දුක්විමක් පමණයි මේ කෘතිය පිළිබඳව. හුදු රසිකයෙක් හැටියට මේ අදහස් ඉදිරිපත් කළ බව සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
පසුගිය දා පශ්චාත් පුරාවිද්‍යා ආයතනයේ දී පැවති දේශනයක් ඇසුරින්.

සටහන- මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *