ඉන්ධනවලට, ගෑස්වලට, බෙහෙත්වලට ගෙවා නැත්තේ මහ බැංකුවේ බිලියන දෙකක් සංචිත තියාගෙන

ආනයනය කළ ඉන්ධන සඳහා සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මුදල් නිකුත් නොකිරීමෙන් රටේ විශාල අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද මහ බැංකුව සතුව නිල සංචිත වශයෙන් ඩොලර් මිලියන 2,310 ක් මුදල් සංචිත තිබිය දී බව මහ බැංකු නිවේදනයකින් හෙළිදරව් වෙයි.

මහ බැංකුව නිවේදනය කොට ඇති ආකාරයට මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,310 ක් වූ අතර විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 2,025 කි . රන් සංචිතය ඩොලර මිලියන 98 කි.

රටේ දින හැටක් නොකඩවා විදුලිය දීමට මහජන උපයෝගිත කොමිසම ඉල්ලා සිටියේ ඩොලර් මිලියන 150 කි. එය ඒ මොහොතේ නොලැබුණු නිසා විදුලි කැපීම පැය හත හමාරක් දක්වා දීර්ඝ විය.

ගෑස්, ඖෂධ, සිමින්ති, කිරිපිටි, තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පවතියි.

මෙම භාණ්ඩ ගෙන්වීමට මුදල් නැතත්, බොහෝ ආර්ථික විද්‍යාඥයන් විරුද්ධ වෙද්දී ඩොලර මිලියන 500 ක ණයක් ද ජනවාරියේ ගෙවා දැමී ය.

තවමත්  අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් නැතත්, මහ බැංකුව කියන්නේ ඩොලර් මිලියන 2310 ක් සංචිත ලෙස ඈති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *