විද්‍යාඥයන් සඳහා ඇබෑර්තු තිබේ – අනුර කේ එදිරිසූරිය

 

රූපවාහිනී නාළිකාවක ප්‍රශ්න විචාරාත්මක වැඩසටනකට සහභාගි වෙමින්  වෛද්‍ය විශේෂඥයකු කීවේ , තමාගේ මියගිය  පියා ⁣කොහේ හෝ සිට බලා සිටින්නේ නම් තමා දැන් ඉන්නා තැන දැක  සතුටු වනු ඇති බවයි. ⁣

මිය ගිය කෙනෙකුට කොහේ හෝ සිට බලාසිටින්නට පුළුවන් යන අදහස පුනරුත්පත්තිය සමඟ ගැටගැසෙන්නකි. එනම් සත්වයාට මියගිය පසුවත් ජීවිතයක්, ආත්මයක් පවතීය යන විශ්වාසයයි.

ජීව විද්‍යාව, ජීවයේ ජීවීන්ගේ ආරම්භය පරිනාමය ආදි කරුණු ගැන සැලකිය යුතු අධ්‍යාපනයක් ලබා ඇති වෛද්‍යවරයකු විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරයකු කොහේ සිට හෝ බලා සිටින මියගිය  පියකු ගැන කීම කොතරම් බරපතළ ප්‍රශ්නයක්ද?

ප්‍රතිකාර සඳහා මා ගිය එක් දන්ත වෛද්‍යවරයකුගේ ශල්‍යාගාරයේ තිබුණු දේව රූප සංඛ්‍යාව අනුව මට ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පවා බියක් ඇති විය. අප වෛද්‍ය විද්‍යාවේ පිහිට ලබා ගන්නට වෛද්‍යවරයකු හමුවට යන විට වෛද්‍යවරයා දෙවියකුගේ පිහිට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් කළ යුත්තේ කුමක්ද?

නූතන විද්‍යාත්මක වෛද්‍ය දැණුම , තාක්ෂණික උපකරණ සහ මෙවලම් ඉක්මවා යන බලයක් ⁣ඇති දෙවියකු කොහේ හෝ සිටීනම්,  අපටත් දොස්තර බයිපාස් කර කෙළින්ම දෙවියා ළඟටම ගොස් ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිය. රුපියලක දෙකක පඬුරකින් දෙවියාගේ පිහිට ලබා ගන්නට හැකියාව තිබියදී දහස් ගණන් ගෙවා වෛද්‍යවරයකු හමු වන්නේ කුමටද? ⁣එසේ නම් විශ්වවිද්‍යාල , වෛද්‍ය පීඨ, පාසල් අවශ්‍ය වන්නේද නැත. නගරයක් පාසා දේවාල  තැනවීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

නූතන විද්‍යාත්මක වෛද්‍ය දැණුම , තාක්ෂණික උපකරණ සහ මෙවලම් ඉක්මවා යන බලයක් ⁣ඇති දෙවියකු කොහේ හෝ සිටීනම්,  අපටත් දොස්තර බයිපාස් කර කෙළින්ම දෙවියා ළඟටම ගොස් ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිය. රුපියලක දෙකක පඬුරකින් දෙවියාගේ පිහිට ලබා ගන්නට හැකියාව තිබියදී දහස් ගණන් ගෙවා වෛද්‍යවරයකු හමු වන්නේ කුමටද? ⁣එසේ නම් විශ්වවිද්‍යාල , වෛද්‍ය පීඨ, පාසල් අවශ්‍ය වන්නේද නැත. නගරයක් පාසා දේවාල  තැනවීම පමණක් ප්‍රමාණවත් වනු ඇත. 

ඔබට යම් මොහොතක හෝ රෝහල් රථ ගාලකට යන්නට සිදු වුව හොත් එහි ඇති රථවාහන අතරින් කීයක දෙහි එල්ලා ඇත්දැයි විමසා බලන්න.

දෙහි ගෙඩියකට දෙකකට රිය අනතුරු ආදිය වළකනු හැකිනම්, රියැදුරන්, මාර්ග සංඥා , මාර්ග නීති , පොලිස් නිලධාරින් අවශ්‍ය නැත. අනෙක දෙහිවලට එතරම් බලයක් තිබේනම් ; ජපනා , කර්මාන්ත ශාලා වලදීම වාහන වලට දෙහිත් එල්ලාම එවනවා සිකුරුය.

අන්තර් භව කතා,පුනරුත්පත්ති , දෙහි එල්ලිලි ආදිය හිසින් ගත් වෛද්‍යවරයකු යනු  ඉගෙන ගත් විද්‍යා විෂයයයන්ගෙන් ප්‍රායෝගික භාවිතයක් ලබා නොගන්නා තැනැත්තෙකි.ඔහු විද්‍යාව ඉගෙනගෙන ඇත්තේ පාඩම් කර විභාග සමත් වීමේ අරමුණ පෙරදැරි කරගෙන පමණි.

පුළුල් අර්ථයෙන් ගත් කල මෙය පුද්ගලයා හෝ වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. වෛද්‍යවරුන් නිදසුන් කර ගනු ලැබුවේ  ගැටලුව වෛද්‍ය වෘත්තිකයන් අතර පමණක් පවතින්නක් නිසා ද නොව වෛද්‍යවරයකු යනු වෙනත් කෙනකුට වඩා ජීවය ,  උපත වැනි කරුණු සම්බන්ධව විද්‍යාත්මක අවබෝධයක් සහිත ⁣කණ්ඩායමක් බැවින් ඔවුනුත් එසේ නම් අන් අය සම්බන්ධයෙන් කවර කතා ද යන්න පැහැදිලි කරන්නටය.

වත්මන් ශ්‍රී ලාංකේය සමාජය තර්ක ඥානයෙන් තොරව ඉබාගාත වූ ස්වරූපයක් පෙනෙන්නට තිබේ. කවුරු හෝ කියන කුමකට හෝ රැවටීම එවැනි ජන ප්‍රජාවක ස්වභාවයි. දේශපාලන වශයෙන් ගත් කල මෙරට ජනතාව හඳෙන් සහල් , ධාන්‍ය රාත්තල් අට වැනි කතන්දර කීයකින් මංමුලා වී සිටිත්ද?  මහින්ද චින්තන, සෞභාග්‍යයේ දැක්ම , පමණක් නොව යහ පාලන පොරොන්දු පවා ජනතාව තර්ක ඥානයෙන් තොරව විශ්වාස කළහ.

වත්මන් ශ්‍රී ලාංකේය සමාජය තර්ක ඥානයෙන් තොරව ඉබාගාත වූ ස්වරූපයක් පෙනෙන්නට තිබේ. කවුරු හෝ කියන කුමකට හෝ රැවටීම එවැනි ජන ප්‍රජාවක ස්වභාවයි. දේශපාලන වශයෙන් ගත් කල මෙරට ජනතාව හඳෙන් සහල් , ධාන්‍ය රාත්තල් අට වැනි කතන්දර කීයකින් මංමුලා වී සිටිත්ද?  මහින්ද චින්තන, සෞභාග්‍යයේ දැක්ම , පමණක් නොව යහ පාලන පොරොන්දු පවා ජනතාව තර්ක ඥානයෙන් තොරව විශ්වාස කළහ.

යහ පාලන පොරොන්දුව සම්බන්ධයෙන් ගත් කල එකල ; දින සියයේ වැඩ සටහන කියන ආකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇද්ද? ජනාධිපති මැතිවරණයෙන් පසුව වහා මහ මැතිවරණයකට නොයා පැරැණි පාර්ලිමේන්තුවෙන්ම ⁣ව්‍යවස්ථා වෙනස්කම් කරන්නට යාම කොයිතරම් ප්‍රායෝගිකද ? වැනි ප්‍රශ්න ජනතාව විසින් ඇසිය යුතුව තිබුණු නමුත් ජනතාව ඒගැන අවධානය යොමු කළේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගත් විට ගැටලුව ඊටත් වඩා බරපතළ ය. හෙල්පින් හම්බන්තොට , මල්වානේ ඉඩම , සිරකරුවන් ඝාතනය, මවු පිය ප්‍රතිමා , රතුපස්වල ආදියෙන් යන්තම් වසර කිහිපයකට පමණක් පසුව එක් රාජපක්ෂවරයෙක් වෙනුවට තවත් රාජපක්ෂවරයෙක් ගැලවුම්කාරයා වනු ඇතැයි ජනතාව විශ්වාස කළහ.එතැන ඇත්තේ තර්ක ඥානය පිළිබඳ ගැටලුවකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ගත් විට ගැටලුව ඊටත් වඩා බරපතළ ය. හෙල්පින් හම්බන්තොට , මල්වානේ ඉඩම , සිරකරුවන් ඝාතනය, මවු පිය ප්‍රතිමා , රතුපස්වල ආදියෙන් යන්තම් වසර කිහිපයකට පමණක් පසුව එක් රාජපක්ෂවරයෙක් වෙනුවට තවත් රාජපක්ෂවරයෙක් ගැලවුම්කාරයා වනු ඇතැයි ජනතාව විශ්වාස කළහ.එතැන ඇත්තේ තර්ක ඥානය පිළිබඳ ගැටලුවකි. 

කතරගම දේවාලයට වසරකට කී දෙනෙක් පිහිට පතා යත්ද? අපල උපද්‍රව ඇතැයි විශ්වාස කරන්නෝ ඉන් ගැලවීමට දේවාලයට යති. අලුතින් වාහනයක් ගත් තැනැත්තෝ ද යති. විභාග ආදිය වෙනුවෙන් බාරහාර වන්නට ද යති. එහෙත් දේවාලයේ කපුවන් අතර ගැටුම් නිරාකරණයට මැදිහත් වන්නට සිදුව ඇත්තේ පොලිසියට සහ අධිකරණයට ය. තමන්ගේ සතුරන් වනසා දෙනු ඇතැයි ජනතාව සිතන දෙවියාට ඔහුගේ කපුවන් පාලනය කරගන්නට හැකියාව නැත. ඊට මැදිහත් වන්නට පොලිසියට සිදුවේ. එහෙත් පොලිස් ලොක්කන් , පොඩ්ඩන් සියල්ලන් ම පඬුරු , මල්වට්ටි රැගෙන දෙවි පිහිට පතා යති. දෙවියන්ට පොලිසියේ පිහිටය , පොලිසියට දෙවියන්ගේ පිහිටය.

එක් අවස්ථාවක දේවාලයේ තිබුණු රන් තැටියක් සොරුන් විසින් පැහැර ගන්නා ලදී . මුහුණු සයක් මුහුණු සයේ ඇස් දොළසක් ඇති දෙවියාට තමන් ගේ නිවසේ තිබුණු රන් තැටිය සොරා ගන්නවා පෙනුණේ නැත. අත් දොළසක් තිබුණ ද දෙවියාට සොරා අල්ලා ගත නො හැකි විය.  බැලූ බැල්මට පෙනෙන්නේ සොරා දෙවියාට වඩා බෙහෙවින් බලවත් බවය.ඒ අනුව සිදුවිය යුත්තේ දෙවියාගේ තැන සොරා හිඳුවා වන්දනා මාන කිරීමය. නැතහොත් සොරා පොලිසියට බාරදී දෙවියන්ට දෙවියන්ගේ පාඩුවේ ඉන්න⁣ට හැර ජනතාව තමතමන් ගේ කටයුතු තම තමන් විසින් බලා කියා ගැනීමය. එහෙත් එසේ සිදු වන්නේ නැත. දේවාලය ගං වතුරින් යට වෙද්දීත් (⁣ දෙවියන්ට හාස් කමක් බලයක් ඇත්නම් අවම වශයෙන් තමන් ගේ නිවෙස එනම් දේවාලය වත් ගංවතුරෙන් ගලවා ගත හැකි විය යුතුය.) මිනිස්සු බාරහාර වෙති, පලතුරු වට්ටි ඔසවා ගෙන යති , දාහේ කොළ වලින් ( දෙවියන් නොව ) කපුවන් පුදති.

තර්කානුකූලව නොසිතන ජනතාවක් ඕනෑම කෙනකුට ඕනෑම තැනකට දක්කාගෙන යා හැකිය.එහි වාසිය උපරිමයෙන් ලබන්නෝ දේශපාලකයා සහ පූජකයාය.

සමාජය වෙලාගෙන ඇති මේ අවිද්‍යාවේ මායා තිමිරය ඉරා දමන තුරු රටට මෙතැනින් ඔබ්බට ගමනක් නැත. ගැටලුව ඇත්තේ ඒ සඳහා පෙරමුණ ගන්නේ කවුරුන් ද යන්නය. ජනමාධ්‍ය වලට ඒ සඳහා හැකියාව තිබේ. එහෙත් නාග ලෝකයෙන් ආ නාගයන් ගැන , වඳ සැත්කම් කරන දොස්තරුන් ගැන , වඳ කොත්තු වඳ පෑන්ටි ගැන කියන ; නැකැත් බලන බලි අරින ජනමාධ්‍යයකින් ඒ වගකීම ඉටුකරනු ඇතැයි සිතිය නොහැකිය. එවැන්නක් සඳහා කිසිවකු ගන්නා උත්සාහයක් පවා ව්‍යර්ථ කරන්නට මිස රැකගන්නට සටන් කරන පිරිසක් නැත.යථාරූප රූපවාහිනී වැඩසටහන කෙටි කලකින්ම අභාවයට යාම නිදසුනක් ලෙස පෙන්විය හැකිය.

සමාජය වෙලාගෙන ඇති මේ අවිද්‍යාවේ මායා තිමිරය ඉරා දමන තුරු රටට මෙතැනින් ඔබ්බට ගමනක් නැත. ගැටලුව ඇත්තේ ඒ සඳහා පෙරමුණ ගන්නේ කවුරුන් ද යන්නය. ජනමාධ්‍ය වලට ඒ සඳහා හැකියාව තිබේ. එහෙත් නාග ලෝකයෙන් ආ නාගයන් ගැන , වඳ සැත්කම් කරන දොස්තරුන් ගැන , වඳ කොත්තු වඳ පෑන්ටි ගැන කියන ; නැකැත් බලන බලි අරින ජනමාධ්‍යයකින් ඒ වගකීම ඉටුකරනු ඇතැයි සිතිය නොහැකිය.

අධ්‍යාපනයට ද මිථ්‍යාව පරයා විද්‍යාව ජනගත කරන්නට මැදිහත් විය හැකිය. එසේ වන්නට නම් එක් අතකින් විෂයමාලා වෙනසක් මගින් රාජ්‍යය ඒ සඳහා විධිමත් මැදිහත් වීමක් කළ යුතුය. පිරිත් නූල් බඳින, නැකැත් හඳහන් බලන , දේවාල ගානේ රිංගන අධ්‍යාපන ඇමතින් හෝ බලධාරින් විසින් එවැන්නක් ඉටු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. විෂයමාලා පසෙක තිබියදී ගුරුවරුන්ට උනන්දුවක් සහ වුවමනාවක් තිබේ නම් දරුවනට විද්‍යාත්මක චින්තනය හුරුකළ හැකිය. එහෙත් මෙරට ගුරු බහුතරයද විභාග පාස් වන්නට පූජා පවත්වන පන්නයේ අයය.

කලාකාරයන් යනු ඒ සඳහා බලය සහ හැකියාව සහිත පිරිසකි.එහෙත් වර්තමානයේ අපට බහුලව මුණගැසෙන්නේ දේව යාතිකා කරන , කේන්දර බලන කලාකරුවන් බැවින් ඔවුන් කෙරෙහි ද විශ්වාසය තැබිය නොහැකිය. මේ මොහොතේ මෙරට සමාජය මුහුණදී සිටින බරපතළම ඛේදවාචකය එයයි.

  අනුර කේ එදිරිසූරිය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *