රුපියල පා කරන තෙක් විදේශ ප්‍රේෂණ නොලැබේවි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ලැබීම, ඩොලරය වෙළෙඳ පොළේ මිල තීරණය වන ලෙස පා කරන තෙක් යථා තත්ත්වයට පත් නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පොලී අනුපාත වැඩි කිරීමෙන් මහ බැංකුව නිවැරදි මගට පැමිණ ඇති බව පෙනී යන නමුත්, රුපියල පා කිරීම ද අවශ්‍ය බව ඒ මහතා කියයි.

ආනයන සීමා කිරීමෙන් මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් නැති බවත්, ඒ බව මුදල් ඇමතිතුමා ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කොට ඇති බවත් විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමා සන්ඩේ මෝනිං පුවත්පතට මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *