පරිස්සමෙන් කියවිය යුතු විමල් , උදය නාටකය – අනුර සූරියබණ්ඩාර 

ආණ්ඩුව තමන්ගේ පාර්ශ්වකරුවන්ට පල නොකියා පලා බෙදමින් නොව පල කියමින් ම සිටී. මුලින්ම ඊට භාජනය වූයේ ශ්‍රීලනිපය ය.ඒ සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය  ඇමැති ධුරයෙන් පිටුවහල් කිරීමෙනි.

ශ්‍රීලනිපයේ , එස් බී , ඩිලාන් වැනි කිහිප දෙනකු හැරුණු විට සෙසු  බොහෝ මන්ත්‍රීවරු ආණ්ඩුවේ එල්ලී ඉන්නේ එක්කෝ ආණ්ඩුවෙන් එළියට ගියහොත් තමන්ගේ වරදාන අහිමි වේ යැයි සිතන නිසාය;  නැතහොත් ආණ්ඩුවෙන් පිට වන්නට මේ සුදුසු කාලය නොවන්නේ යැයි සිතන නිසාය.

කෙසේ වුව ශ්‍රීලනිපය ද දැන් ආණ්ඩුවේ එළිපත්තේ සිටින බළලා වැන්න.පොහොට්ටුවේ නායකයන් පමණක් නොව ඇච්ච බැච්ච මන්ත්‍රී කට්ටන් පවා ඔවුනට කියන්නේ ඉදපං බැරිනම් පලයං යන්නය. දැනට ආණ්ඩුවේ රැඳෙමින්ම ශ්‍රීලනිප පිරිස් ආණ්ඩුවට එල්ල කරන විවේචන සැලකිය යුත්තේ සුදුසු කාලය එන තුරු කරන සිග්නල් දැමීම් වශයෙනි. ඒ අනුව ඔවුන් ද ඉක්මනින් හෝ පරක්කු වී ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි උපකල්පනය කළ  හැකිය.

මෙය ලියන මොහොත වන විට ලැබෙන තොරතුරු අනුව ආණ්ඩුවට සහය දෙන කණ්ඩායම් එකොළහේ සාමාජිකයන් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන්නට නියමිතය. ඔවුන්ට එහිදී ගත හැකි තීරණ කිහිපයකි. එකක්, ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමය. අනෙක ස්වාධීනව සිටිමින් ආණ්ඩුවේ යහපත් ක්‍රියා වලට සහය දෙන බව ප්‍රකාශ කිරීමය.ඊළඟට යහ පාලන සමයේ පොහොට්ටුව කළ ආකාරයට වෙනම කණඩායමක් ලෙස විපක්ෂයක් වශයෙන් කටයුතු කිරීමය.

වඩාත්ම විශ්වාස කළ හැක්කේ ස්වාධීනව හිඳිමින් ආණ්ඩුවේ යහපත් ක්‍රියා වලට සහයෝගය දෙන බව ප්‍රකාශ කරනු ඇත යන්නය. හේතුව ,  ජනතා අප්‍රසාදයෙන් ද ගැලවී ආණ්ඩුව ද ආරක්ෂා කරන්න⁣ට එමගින් ඔවුනට හැකියාව ලැබීමය. උදයගේත් විමල්ගේත් ෆයිල් ද රාජපක්ෂ ලාච්චු වල තිබ්ය හැකියැයි අනුමාන කළ හැකි තත්ත්වයක් තුළ ඔවුන්ගෙන් ඉන් එහා ගිය මහ ලොකු ආණ්ඩු විරෝධයක් අපේක්ෂා කළ නොහැකිය.

ඔවුන් කවර තීරණය ගත්තා වුවද එය ගනු ලබනු ඇත්තේ තමන්ගේ ඡන්ද පදනම සහ අනාගත දේශපාලන පැවැත්ම පිළිබඳ සලකා මිස රටේ යහපත හෝ ජනතා සුබසෙත සළකා නොවන බව නම් සක් සුදක් සේ පැහැදිලිය. ඔවුන්ගේ ඊළඟ උපාය විය හැක්කේ බොහෝ විට,බොරු විරෝධයක් දක්වමින් ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට වක්‍රාකාරයෙන් සහයෝගය දීම වන්නට පුළුවන. එසේ කීමට හේතුව විමල්, උදය, වාසු ඇතුළු පිරිසට ස්වාධීන දේශපාලනයක් තුළින් පැවැත්මක් තනා ගන්නට කිසි ලෙසකින් වත් හැකියාවක් නොමැති වීමය.

දැනට විපක්ෂයේ ප්‍රබල කණ්ඩායම් දෙක වන සමගි ජන බලවේගය තුළ හෝ ජාතික ජන බලවේගය තුළ මේ පිරිසට අවස්ථාවක් උදාවනු ඇතැයි සිතන්නට ද හැකියාවක් නැත.එසේ හෙයින් ඔවුන්ගේ ඉරණම තීරණය වන්නේ ශ්‍රීලනිපයේ හෝ වක්‍රාකාරයෙන් පොහොට්ටුවේම වල්ගයක් වන්නටය.

ජනතාවාදී දේශපාලකයන් නම් විමල් , ගම්මන්පිල ආදින් ආණ්ඩුවෙන් යා යුතුව තිබුණේ මෙයට බොහෝ කලකට පෙරය. පොහොර ප්‍රශ්න , ඇන්ටිජන් කට්ටල වංචා , සුදු ලූනු වංචා ආදි සියල්ල ඉදිරියේ මොවුන් ආණ්ඩුවේ රැඳී උන්හ. ජනාධිපතිවරයාට ඒකාධිපති බලයක් ගොඩනඟා දුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඔවුන් කළේ සුරංගනා කතන්දර කියමින් ජනතාවට සිහින පෙන්වීමය.

ද්විත්ව පුරවැසියනට මෙරට දේශපාලනයට රාජ්‍ය සේවයට ඇතුළු වන්නට බාධා කරමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පනවා තිබුණු බාධක 20 සංශෝධනය මගින් ඉවත් කරන අවස්ථාවේ ඔවුන් කතා කළේ ජනාධිපතිවරයා සංවේදී වූ ආකාරය පිළිබඳවය. නව ව්‍යවස්ථාවක් මගින් ද්විත්ව පුරවැසි ප්‍රශ්නය විසඳන බව කියමින් කොළය වසා තමන් ගොනාට අන්දන්නට මොවුන් කටයුතු කළ ආකාරය මේ මොහොතේ ජනතාව මතකයට නඟා ගත යුතුය.

නැඟුණු  ඉනිමඟට පයින් ගැසීම පිළිබඳ කදිම ඉතිහාස කැරැක්ටුවක් ද රාජපක්ෂ වරුන්ට තිබේ. ඔවුන්ට පුද්ගලයන් සහ සංවිධාන අවශ්‍ය වන්නේ තමන් ගේ කාරිය කර ගන්නා තුරු පමණි.  යුද්ධය අවසන් වූ පසුව සරත් ෆොන්සේකා මහතාට සළකන ලද ආකාරය එයට එක් නිදසුනකි. කිසිවකු නොමැති අවස්ථාවේ තමන්ගේ උපකාරයට සිටි මංගල සමරවීර , ශ්‍රීපති සූරියආරච්චි වැන්නන් කෙරෙහි රාජපක්ෂයවරු අනුගමනය කළ පිළිවෙත ද ඊට නිදසුන් පිණිස තිබේ.

2015 පරාජයෙන් පසුව මහින්ද කර තබාගෙන ගිය විමල්ටත් ගම්මන්පිලටත් මේ වනවිට සිදුව ඇත්තේ එදා සරත් ෆොන්සේකාට , මංගලට , ශ්‍රීපතිට සිදුවූ දෙයමද යන්න තීරණය කරන්නට තවම කල් වැඩිය. හේතුව විමල්, ගම්මන්පිල යනු ෆොන්සේකා , මංගල පන්නයේ අවංක දේශපාලනඥයන් නොවීමය.

නිදසුනක් වශයෙන් ජාතික සම්පත් විකිණීම ගැන යහපාලන සමයේ මහත් ඝෝෂා කළ  මොවුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීම හැඳින්වූයේ ඒවා යළි රටට අත්පත් කර ගැනීමක් වශයෙනි. ඉන් පැහැදිලි වන්නේ තමන්ගේ වාසියට කබරයාත් තලගොයා කිරීමට සහ ගොරකාත් දඩමස් කරන්නට විමල් , ගම්මන්පිල වැනන්නන් දෙවතාවක් කල්පනා නොකරන බවය.

ඔවුන් ගේ හදිසි ආණ්ඩු විරෝධය , ඇමැතිකම් වලින් නෙරපීම සියල්ලම තවත් වටයකින් ජනතාව රවටන කූ⁣ට රංගනයක් වීමට හැකියාව නොසලකා හැරිය යුතු නැත. පවතින තත්වය තුළ පවා වාසුදේව නානායක්කාර කියනු පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ගුණ වරුණා වීම නිසා මේ සැකය තවත් තහවුරු වේ. සමහර විට මෙය ගෝඨාභයට වඩා හොඳ අලුත් රාජපක්ෂ  අනුප්‍රාප්තිකයකු දොරට වඩම්මන උත්සවයේ කලඑළි දර්ශනය වීමට ද හැකියාව තිබේ. කැලය මාරු කළාට පුල්ලි මාරු නොවන බව තරයේ මතක තබා ගැනීමට ජනතාව වගබලා ගත යුතු වන්නේ ඒ නිසාය.

 අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *