හඳගම මෙවර සමාජය ඉදිරියේ පමණක් නොව පුද්ගලයා ඉදිරියේ ද කැඩපත තබා ඇත – ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

images
”ඇගේ ඇස අග” මට පෙනෙන්නනේ පරිසමාප්ත, ඉතා හොඳ මෙන්ම මට රසිකයෙක් හැටියට ඉතා ඉහළ රසිකත්වයක් දායද කරන්නට පුළුවන් වූ  හා එසේ දායද කරන්නට අවශ්‍ය ගාමක බලය ගැබ් වූ සුසාධිත කෘතියක් ලෙසටය. මේ සුසාධිතභාවය මේ කෘතියේ මට දකින්නට පුළුවන. අපේ රටේ මේ කෘතිය විචාරයට හසුකර ගන්නට තිබෙන සිනමා විචාරය කොන්දේසි සහිතවයි වැඩකරන්නේ. ලෝක සිනමාව පැත්තෙන් ගතහොත් යම් යම් අධ්‍යක්ෂවරු සම්බන්ධව ඔහු පිළිබඳව ම කේන්ද්‍රීය අවධානය සහිතව හැදෑරීම් කරන විශේෂඥ විචාර පලකරන ප‍්‍රවීනයෝ වෙනම සිටිති. අද අපේ රටේ ඒක කරන්නට අය නැත. එහෙම අය දකින්නට නැත්තේ විචාරකයින්ගේ ගැටළුවක් නිසා නොවේ. ඔවුන්ව උරාගන්නට ජීවත් කරවන්නට අපේ තිබෙන සමාජ, දේශපාලන පරිසරය නිසාමයි එහෙම අය නැත්තේ. කිසියම් විචාරකයෙකුට පුළුවන්ද එක සිකමාකරුවෙක් පිළිබඳ විශේෂඥයෙක් වෙලා ලංකාවේ පවතින්න. එය කිසිසේත්ම අපේ සමාජ, දේශපාලන පරිසරය තුළ විය නොහැකි දෙයකි. ඒ සිමාකම් සහිතව අපිට හඳගමගේ මේ කෘතිය විචාරයට ලක්කළ හැක
අපි දන්නවා හඳගමයානු සිනමාවේ බෙහෙවින් ම නැගි තිිබෙන කොටසක් තමයි, මේ කලාකරුවා සමාජයට ලම්බකව කැඩපතක් තබන එක. ඔහුගේම අදහසක් අනුව තමයි ගුණසිරි සිල්වා කැඩපතට වෙඩි තැබීම කියලා ලිපියක් රචනාකර ඇත්තේ. මේ සැරේ, මේ කෘතිය මගේ කියවීමට අනුව මට හිතෙනවා අශෝක හඳගම කියන කලාකරුවාගේ ප‍්‍රවේශයේ කිසියම් වෙනසක් ඇතිකළ කෘතියක්  ය යන බව. මෙවර ඔහු  කැඩපත සමාජය ඉදිරියේ තබනවා වගේම පුද්ගලයා ඉදිරියේ ද තබා තිබෙන බවයි මට හිතෙන්නේ. නමුත් ඔහුගේ අනිකුත් කෘති හදාරන විට අපිට පෙනෙනවා ඉතා පැහැදිළිව ම ඔහු සමාජය ඉදිරියේ තමයි කැඩපත තබන්නේ. අපි දන්නවා ඊට පසු සිද්ධවන දේ කුමක් ද යන්න. ඒ කෘතිවල පිලිබිඹු වෙනවා මේ මොහොතේ අපි ගතකරන ජීවිතය පිළිබඳ ව. ඒ ජීවිතය කොයි තරම් ම අර්බුදකාරී ද යන්න බැලූවොත්, දකින පිළිබිඹුව ඉතාම භයානක එකකි. එතකොට රජයන් සහ බලධාරින් ඇතුළු බොහෝ දෙනෙක් කරන්නේ කැඩපතට ගල්ගසා හෝ වෙන දෙයක් කර මේ ප‍්‍රතිබිම්භය අතුරුදහන් කරන එක ය. එහෙම කිරීමෙන් ඒ අයට යම් සහනයක් ලැබෙන නමුත් අර භයානක කම එසේම පවති.
මට මේ සැරේ හිතෙනවා අශෝක හඳගමගේ කුසලතාවයේ වැඩිය වැඩ නොගත්ත අඩවියකින් වැඩ ගැනීමක් මේ වතාවේ සිද්ධ වි ඇති බව. එය තමයි පුද්ගල චෛතසික ගවේශනය. නැතිනම් පුද්ගලත්ව ගවේශනය ට යොමුවීම. මේක ඒ කලාකරුවා සාක්ෂාත් නොකළ තත්ත්වයක් නොවේ. අපි දන්නවා හඳගමගේ කලින් කෘතිවල ඔහු සමාජ යුත්තිය ගැන කථාකළ දේශපාලනික සිනමාකරුවෙක් බව. නමුත් සමාජ ආර්ථික දේශපාලන කාරනා වලට අමතරව පුද්ගලත්වයේ අභ්‍යන්තරයට පිවිසී ම අතින් අශෝක හඳගම ඔහු තෝරා නොගන්නා මාවතක් මේක. නමුත් අපි දන්නවා ඔහු වගේම අනික් සුසමාදර්ශිය  සිනමාකරුවා ලෙස ප‍්‍රසන්න විතානගේව මතක්කර ගතහොත් ප‍්‍රසන්න එබඳු පිවිසීමක් තිබෙන කෙනෙකි. මෙවර හඳගමගේ ප‍්‍රවේශයේ ඒ වෙනස මම සළකුණු කරගනිමි. ඊට අමතරව හැම අතින් ම හඳගමයානු සිනමා භාෂාව මෙවරත් දක්නට පුළුවන.  සිනමා රූපක සංකේත කියලා වෙනම ම දේවල් හඳුනාගන්නට බෑ සුසාධිත චිත‍්‍රපටියක. සංතෙක්ත වලින් දමාගැසීමක් සිද්ධ වෙනවා නම් ඒක හොඳ තත්ත්වයක් නොවේ. සංකේත බව හඳුණාගත නොහැකි පරිදි තිබෙන එකයි හොඳය.
මේකට කලිනුත් මේ කාරණය සම්බන්ධයෙන් ද්‍රෂ්ඨාන්තයක් දක්වන්නට පුළුවන් අර ගම්පෙරළියේ තිබෙන නන්දාගේ අල්මාරිය වගේ. කොස් ලීයේ කරුවල ලීයෙන් කර තිබෙන කැටයම් අතගා බැළවත් ඒ පිරිද්දුම් හඳුණාගන්නට බැරිවෙන තරමට ඒ කෘතිය ඇතුලෙන් ම මතුවෙන්නට  ඕනෑ ඒ සංකේත.  මේ චිත‍්‍රපටියේ තිබෙන එබඳු සංකේත රාශියක් තිබේ. ඊට අමතරව මුළු කෘතිය ම රූපකයක් හැටියට වැඩකරනවා එක දුරකින් ගත්තාම. ඒක ඇතුළේ තිබෙන වෙන් වෙන් රූපක වලට කේවලව සිතිම නතරකර සමස්තයක් ලෙස බැලූවත් මුළු කෘතියම රූපකයක් ලෙස ගන්නත් පුළුවන.
ගැමිණි වියන්ගොඩ පැහැදිළි කළා ඇගේ ඇස අග කෘතියේ දොරවල් ඇරෙන කථාව. ඇත්තට ම මේක මේ කෘතියේ ඉතාම බරපතල රූපකයකි. සිනමාකරුවා ඉතාම දැනුවත්ව කරුණු සහිතව විඤ්ඤාණිකව යොදාගත් කාරණයක් ලෙස එය සළකන්නට පුළුවන. දැන් කුටුම්භය නැතිනම් පෞද්ගලිකත්වය, පවුලේ සීමාවයි මෙයින් පෙන්නුම් කරන්නේ. මේක ඇතුලෙන් තමයි මේ දොර ඇරගෙන එළියට යන්නේ. මේක ඇතුලට තමයි හවසට එන්නේ. එතකොට ගෙදර සහ ලෝකය තමයි මේ පැටලි පැටලි ඇරෙන දොරේ අගුලෙන් සීමාව වන්නේ. අනික් එක මේ අගුල තිබෙන්නේ මහාචාර්යවරයාගේ නිවසේ පමණක් නොවේ. තරුණියගේ ඇනෙක්සියෙත් මේ දොර තිබේ. දැන් මහාචාර්යවරයාගේ නිවස සහ තරුණියගේ ඇනෙක්සිය ගතහොත් භෞතික වශයෙන් සළකණු කරන තමා වාසය කරන සීමාව සළකුණුකරන තැන් ය. ඒක භෞතික ය. නමුත් මේ චිත‍්‍රපටිය ඇතුලේ අභෞතික, එසේ නැතිනම් අධ්‍යාත්මික වශයෙන් අපිට නොපෙනෙන තැන විශාල ප‍්‍රමාණයක් යැයි කියන්නට පුළුවන. තරුණියගේ ලෝකයෙන්  ඕනේ නම් පිටවීමේ අයිතිය මහාචාර්යවරයාට තිබේ. ඒක දොරකින් නොවෙයි වෙන් වෙන්නේ. නමුත් අපි දකිනවා ඒ තරුණියගේ ලෝකයෙන් මහාචාර්යවරයාට පිටවෙන්නට තිබෙන සීමාව. එ් දොරේ යතුර තිබෙන්නේ තරුණිය ගාව ය. ඒ යතුර ඇය පෙන්වයි. ඒ නිසා මා හිතන්නේ මෙබඳු කියැවීමකට තමයි මා වඩාත් කැමති වන්නේ
මේ  කෘතියේ තිබෙන රූප රාමු කොහොමද අපි තුන්වැනි අර්ථ කථනයකට කැන්\ ගන්නේ. ඒ යතුර ඇත්තට ම භෞතිකව දොරේ යතුර ය. මහාචාර්යවරයා අල්ලාගෙන නැහැ තරුණියව. මහචාර්යවරයා එක විටෙක කියනවා මේක කලමණාකරනය කරන්නේ කොහොමද යන්න තමන් නෙදෙන්නා බව. එයා දරුවෙක් හැටියටයි ඒ තරුණියට සළකන්නේ. මුදලෙන් උපකාර කරන්නට හදනවිට තරුණිය එපා කියලත් කියනවා. දක්ෂකම් සළකාගෙන තමයි සම්බන්ධය පටන් ගන්නේ. එතකොට මේ නොපෙනෙන සීමාව, නැත්නම් තමන්ගේ පෞද්ගලික ඉර එතන ය. අර ගෙදර දියනියගේ සීමාව තිබෙන්නේ ගෙදර ටී වී යන්ත‍්‍රය ලග ඇති පුටුව උඩය. බොහෝ වෙලාවට ජාත්‍යාන්තර පැසැලේ ය. මහාචාර්යවරයාගේ බිරිඳ, ස්වර්ණා ගේ සීමාව තිබෙන්නේ ඒ ගේ ඇතුළේ ය.  මහාචාර්යවරයාගේ සීමාව තිබෙන්නේ විශ්ව විද්‍යාලයේ ය. එයා මහාචාර්යවරයෙකු හැටියට පිළිබිඹුකරන අඩුපාඩුකම් වෙනම සාකචඡුා කලයුතු ය.
දොරට යතුරුදාලා නැතිවූවාට හිත අධ්‍යත්මයෙන් පිටත්වීම හෝ ?ඳි සිටීම කොපමණ දුෂ්කරද යන්න මෙයින් දැකගත හැක. මේ කෘතිය අපෙන් අහන ප‍්‍රශ්නයක් ඒක ය. ඊ ළඟ කාරණය තමයි මේ ඒකාකාරි බව. මං හිතන්නේ මහාචාර්යවරයා නිවසට පැමිණිම. පැමිණෙන විට බිරිඳ බුදුන් වැඳීම, දරුවා  ටී. වි බලන එක. මහාචාර්යවරයා උඩ තට්ටුවේ නිදන කාමරයේ ට පිවිසීම. ඊ ළඟට කරන දේවල් චාරිත‍්‍රවලට කෙරෙන දේවල් බඳු ය. මධ්‍ය පංතියේ අතෘප්තිකර භාවය තමයි මෙයින් පිළිබිඹු වන්නේ. හොඳ ගෙවල් දොරවල්, යාන වාහන, රැුකීරක්ෂා යන මේ සියල්ලම අඩංගු ලැයිස්තුව සකස් කරගත් පසු සියල්ල හරිද? අන්තිමට ජීවත් වෙනවා කියලා කරන්නේ චාරිත‍්‍ර වගෙයක් පිළිපදින එක ය. මං හිතන්නේ ඒකෙන් ඇතිවන ආතතිය කොච්චර ද කියලා පෙන්වන්නට තමයි නිර්මාණ කරුවා වාර ගනනක් මේ දර්ශනය පෙන්වන්නේ. ඒ වාර ගාණන ඇතුලේ ටවල් මාරුවෙන හැටි. සපත්තු අරන් තියෙන හැටි දක්නට පුළුවන. හැබැයි සපත්තු අරන් තියෙන එකේ රිද්මය හැමතැනම සමාන නැත. බිරිඳගේ හිත මහාචාර්යවරයා සම්බන්ධයෙන් බිඳෙන විට සපත්තු අරන් තියන්නේ නෑ. සපත්තු විසි කරයි. කමිස හැමදාම ගන්නේ එක ආකාරයට නොවේ. තුවාය දෙන්නේ එක ආකාරයට නොවෙයි. ඒ නිසා මා හිතන්නේ හැම වාරයක්ම චිත‍්‍රපටියට අත්‍යවශ්‍ය වාර කියලයි මට හිතෙන්නේ.  ඉතා හොඳින් ඒ මොහොතවල් අධ්‍යක්ෂණය වී තිබෙන බව තමයි මට හිතෙන්නේ.
මේ ඒකාකාරිත්වයට කියන්න පුළුවන් තව වචනයක් තමයි මේ ජීවන වෙහෙස. අපි දන්නවා සමහර වෙලාවට මිනිස්සු දැකලා හරි වෙහෙසයි අපිට.  අර කුඩලිගම වගේ කොළඹ කවියා වෙලාවක කිව්වා මිනිසුන්ගෙන් තොරව වනයේ සැරිසරන්නට තිබෙන උවමනාව. ඒවා වෙනත් මට්ටමකින් ගෙන පතුරු ගැසුවාට මිනිස්සු දකින එක වෙහෙසයි ඇත්තට ම. සමහර වෙලාවට මේ වෙහෙස සීමාව පැන්න පසු රෝගි තත්ත්වයක් බවට පත්වේ. මේ මධ්‍යම පංතිය ඇතුලේ අද අපි සියලූම දෙනා රෝගි තත්ත්වයෙන් ටිකකට මෙහායින් ඉන්නේ. ඇතැම් විට රෝගීන් ය. එක හිස්ටරික, නියුරෝසික  තත්ත්වයක් වියහැක. ඒ ගැන දන්න සුදුසු කෙනෙක් තමයි මේක කිවයුත්තේ. මගේ ඒ පාර්ශවයේ හැදෑරීම එතරම් ප‍්‍රමාණවත් නැත.
මම කලිනුත් සඳහනක් කළා මේ අවුල තුල මේ තුන් දෙනාගේ සබඳතා ගොඩනැගෙන හැටි. මේ සබඳතාවල බිඳවැටිම ප‍්‍රභලව මේ කෘතියේ සාකච්ඡුා කෙරේ. මේ අය ලෝක කිහිපයක ජීවත් වෙන්නේ. තරුණිය ගතහොත් තවත් ලෝකයක. මේ කථාවේ චරිත හතරක් ඇත. පවුලේ තුන් දෙනයි. පිට එක්කෙනයි. චිත‍්‍රපටියේ එක හරියක දි මේ තරුණියත් මේ පවුලේ කෙනෙක් හැටියට පත්වුනාට පසු ලෝක හතරකි. මේ ලෝක වලින් මිදීමට ගන්නා ප‍්‍රයත්නය තමයි චිත‍්‍රපටිය පුරා එක දිගට අපි දකින්නේ. තම තමන්ගේ ජීවන වෙහෙසෙන් මිදෙන්න ගන්නා උත්සහාය මෙහි දී දැකගත හැක. දැන් ඔබට මතක ඇති අනන්න රාත‍්‍රිය කියන චිත‍්‍රපටිය. වයලට් සහ වික්ටර් ගේ චරිත දෙස බලන්න. වික්ටර් හැම තිස්සේම පැරදුණු කෙනෙකි. එයාගේ පෙන්ඩන්ට් එකේ තියෙන්නෙ වී අකුරකි. සමහර විට චිත‍්‍රපටියේ අධ්‍යක්ෂවරුන්ගේ මේ සංකේත සහ එය කෙරෙහි ඒ අයගේ උනන්දුව අපිට හොයන්න බැරි තරම් සියුම් ය. වික්ටර් සහ වයලට් මෙන්ම කොටුපවුර කියන නැත. එතන තමයි ඒ කුටුම්භයට හිමි තැන. ඒ කොටු පවුරෙන් එලියට එන එක ලෙහෙසි නැත. එළියට එනවා නම් එන්නට වෙන්නේ උමතුවෙන් ය. වයලට් එළියට යන්නේ උමතුවෙනි. පිස්සන් කොටුවට බාර දෙන්නයි යන්නේ.
මේ ලෝක හතරේ සිටින බිරිඳ, දියණිය, මහාචාර්යවරයා හා තරුණිය තම තමන්ගේ ලෝක වලින් මිදෙන්නට ගන්න ප‍්‍රයත්නය අනිකාට බලපාන ආකාරය තුළයි මානව සම්බන්ධතා හරස් වන්නේ. ඒ තුළ තමයි සමාජ රිද්මය කැඩෙන්නේ හා එතකොට තමයි ගැටුම ඇතිවන්නේ. එය ඇතැම් වෙලාවට මෙයට ඔබ්බෙන් ගියාට පසු නීති කියන තැනට නැත්නම් අධිකරණය කියන තැන දී සම්මුඛ වි කෙළවරකට යන තැන් ද හමුවේ.
බිරිඳ උත්සහා කරනවා ආගමික ලෝකය හරහා මේකෙන් එලියට එන්නට. දියණිය උත්සහා කරන්නේ තාක්ෂණිය ලෝකය හරහා එළියට එන්නට. ඔය ගොල්ලන් මේ චිත‍්‍රපටිය නරඹා තමයි පැමිණ සිටින්නේ. දියණියගේ ලෝකයේ සිමාව අපි දනිමු. පරිහරණය කරන බඩු භාණ්ඩ සහ සිතුම් පැතුම් අපි දනිමු. පියා ශාස්ත‍්‍රිය ලෝකය සමග ඉන්න කෙනෙකි. ආගමික හා තාක්ෂණක ලෝකය යන දෙකම ලංකාවේ අද ව්‍යසනයක් වි තිබේ. නිදසුන්  ඕනෑ තරම් තිබේ. පියා සහ දියණිය අතර සබඳතාවය හායි ! කියන වචනයකට හා චොකලට් එකකට සීමා වි තිබේ. මේක කොපමණ වාර ගනනක් පෙන්නනවා ද? දියණිය බලන්නේ මොන වගේ වැඩ සටහන් ද? දැන් උඩ තට්ටුවේ සංවාද යන අතර හඬ පටියේ ඇහෙනවා දියණිය බලන වැඩ සටහන් වල ශබ්ද. එතකොට මේ හායි ! කියන වදනකට පිය-දියණි සම්බන්ධය ඌණනයවීම නැතිනම් නීතිය, එහෙම නැතිනම් තහනම නැතිව හැදෙන දුවකි මේ. ඒ නිසා තමයි එක්තරා මොහොතක දී මේ දුව පියාට තමුසේ කියා කියන්නේ. එසේ කිව්වාට පස්සේ තාත්තාට උන්හිටි තැන් මතක නැති වී එයා පියාගේ භාෂාවට ආරෝපනය වී කම්මුල් පහරක් ගසන තැනට යන්නේ. නමුත් ඒ කම්මුල් පහර  බාරගන්න මේ යුගයේ ඉන්න දියණිය සූදානම් නැත. ඇය ගේ ප‍්‍රතිචාරය කුමක් ද? ඉතා කුඩා ද`ඬුවමකටත් කෙලින්ම දිවි නසාගන්නට දුවන දරුවෙකි ඒ.
(පසුගිය දා පුරාවිද්‍යා පශ්චාත්  උපාධි ආයතනයේ පැවති සම්මන්ත‍්‍රණයේ පැවති දේශනය ඇසුරින්*

සටහන- මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *