විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලරයකට රුපියල් 240 ක් ගෙවිය යුතුයි – කම්කරු ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

විදේශගතව රැකියා කර මෙරටට මුදල් එවන ශ්‍රමිකයින් එවන සෑම ඩොලරයකට ම රුපියල් 240 ක් ගෙවිය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ලබන කැබිනට් මණ්ඩල රැස්‌වීමට ඉදිරිපත් කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව දැනට ගෙවන රුපියල් 10 ක් දීමනාවට තවත්, රුපියල් 30 ක් වැඩිපුර ගෙවිය යුතු ය.

විදෙෂද්ගත ශ්‍රමිකයින්ගේ ශ්‍රමයට යුක්තිය ඉටු කිරීම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව කම්කරු ඇමතිවරයා කියයි.

ඩොලරයේ අගය කෘතීම ලෙස පාලනය කිරීම නිසා විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් සියයට 62 කින් අඩු වී ඇති බව පසුගිය දා වාර්තා වීය.

විචාරකයින් කීවේ එක මසක එලෙස අහිමි වී ඇති මුදල ඛනිජ තෙල් නැව්

දහයකට ගෙවීම් කිරීමට ප්‍රමාණවත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *