ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා කොස්ගම ජනතාව කෝපයට පත්වෙලා – ලක්‍ෂ්මන් නිපුනආරච්චි – ජ.වි.පෙ. පළාත් සභා මන්තී‍්‍ර

කොස්ගම සාලාව ප‍්‍රදේශවාසීන් සාමාන්‍ය ජන ජීවිතයක් ගතකළා. ඔවුන්ට අනතුරක් පිළිබඳව සූදානමක් තිබුණේ නැහැ. එක විට කඩා පාත්වූ විපතකට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ජනතාව විශාල ප‍්‍රමාණයක් තමන්ගේ ජීවිත බේරා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ස්වයංව මැදිහත් වීම පිළිබඳව ආණ්ඩුව ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ජනතාව එසේ කි‍්‍රයාත්මක නොවුණා නම් ආණ්ඩුව මීට වඩා විශාල අර්බුදයකට මුහුණ දිය හැකිව තිබුණා. දැන් එම ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා නොහැකි ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. එක වෙලාවක ග‍්‍රාමසේවක එනවා. තවත් වෙලාවක සමෘද්ධි නිලධාරීන් එනවා. නිලධාරීන් ඒකාබද්ධ වුණු  කි‍්‍රයාවලියක් නැහැ. නිවාස, දේපළ, අහිමිවූ ජනතාවට තවමත් ඒ පිළිබඳ තක්සේරුවක් නැහැ. රු. 50,000ක් දුන්නට කුලියට ගෙයක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඔවුන්ට එම ප‍්‍රදේශය අත්හැර යන්න සිදුවෙලා. නිවාසයක් කුලියට ගැනීමටත් හෝමාගමට හෝ අවිස්සාවේල්ලට යන්න වෙනවා.
අපිත් එම ප‍්‍රදේශයේ සංචාරය කරන විට යුද හමුදාපතිවරයා අපිට මුණ ගැසුණා. ඔහුටත් නිසි සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. ඔහුගේ ප‍්‍රකාශයන්ගෙන් ඒ බව තේරුණා. ආණ්ඩුව තමන්ගේ සුපුරුදු අකාර්යක්‍ෂමතාවය පෙන්නුම් කරමින් ඉන්නවා. සිදුවීමෙන් වර්ග කිලෝ මීටර් දෙකකට වැඩි ප‍්‍රමාණයක් ආපදාවට ලක්වෙලා තිබෙනවා. ආපදා කළමනාකරණ ඇමති කියලා තිබුණා, 75%කගේ ජල ප‍්‍රශ්නය විසඳුවා කියලා. විපතට පත් ප‍්‍රමාණයවත් නිශ්චිතව දන්නේ නැතිව ඇමතිවරයා කොහොමද කියන්නේ 75%කගේ ජල ප‍්‍රශ්නය විසඳුවා කියලා.

ඒ වගේම එම ප‍්‍රදේශයේ ජනතාවගේ මානසිකත්වය බරපතළ ලෙස බිඳ වැටිලා. ප‍්‍රාදේශීය දේශපාලනඥයින් විපත පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව ජනතාවට උපදෙස් දෙන්න යනවා. ජනතාවගේ තත්වය තේරුම් නොගෙන මැදිහත් වෙන්න ගිහින් ඇතැම් දේශපාලනඥයින් ජනතාවගේ දැඩි විරෝධයට ලක්වුණා. විපතට පත් ජනතාවගේ මානසික තත්වය අනුව ඔවුන් හැසිරෙන විදිය පිළිබඳව දේශපාලනඥයින්ට අවබෝධයක් තිබිය යුතුයි. ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා ජනතාව කෝපයට පත්වෙලා ඉන්නවා.

අපි විශේෂ ඉල්ලීමක් කරනවා, තරඟකාරී විභාගයක් වුණු 5වසර ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දීමට සිටි එම ප‍්‍රදේශයේ ළමුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන්න කියලා. විභාගයට මාස කිහිපයක් තිබියදී සිදුවුණු විනාශය නිසා එම ළමුන් විශාල පීඩනයකට ලක්වෙලා තිබෙනවා. එම නිසා ඔවුන්ගේ මානසික තත්වය තේරුම් අරගෙන විභාගය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන්ද සාධාරණ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන්න කියලා ඉල්ලනවා.

එම ප‍්‍රදේශයේ ජල ප‍්‍රශ්නය බරපතළයි. පානීය ජලය මෙන්ම අනෙකුත් දෛනික කටයුතු සඳහා අවශ්‍ය ජලය තවමත් ලබාගත නොහැකිව ඉන්නවා. මෙම විපතේදී ස්වේච්ඡුා සංවිධානවලට මැදිහත් වීමේ සීමා ඇතිවෙලා තිබෙනවා. මෙම ප‍්‍රදේශයේ ජනතාව තමන්ට අවශ්‍ය පරිදි නිවාස ඉදිකරගෙන සාමාන්‍ය ජන ජීවිතයක් ගත කළා. ඒ නිසා ඔවුන්ට කුඩා නිවාස ඉදිකර දීමක් ඔවුන් බලාපොරොත්තු වන්නේ නැහැ. එම නිසා ඔවුන්ගේ තිබුණු නිවාසවලට සරිලන ආකාරයේ නිවසක් ඉදිකර දීමට හෝ අලූත්වැඩියා කර දීමට මැදිහත් වීමක් අවශ්‍ය වී තිබෙනවා. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණයෙන් ලබාදිය යුතුව තිබෙනවා. ඒවගේම එම ප‍්‍රදේශයේ ඇති වී තිබෙන සොර සතුරු බිය සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස්කළ යුතුයි. මේ වනවිටත් ඇතැම් නිවාසවල බඩු මුට්ටු නැති වී තිබෙනවා. ඒ නිසා එම ප‍්‍රදේශයට ආරක්‍ෂාව ලබාදිය යුතුයි.

ජනතාව දිනෙන් දින ණය උගුලක හිර කරමින් තිබෙනවා. දිනපතා ජනතාව මත බදු බර පැටවෙනවා. ආර්ථිකය බිඳ වැටෙමින් තිබෙනවා. එම නිසා විශ්වාසභංගයට පක්‍ෂව අපි ඡුන්දය ලබාදුන්නේ මුළු ආණ්ඩුවේම වැරදි ආර්ථික කි‍්‍රයාවලියට විරෝධය පළකිරීමටයි. ඒක පුද්ගලිකව මුදල් ඇමතිවරයාත් වගකිව යුතුව තිබෙනවා. එහිදී අප ගත් තීරණය කිසිවෙකුට සහාය දැක්වීමක් ලෙස ගත් තීරණයක් නොවෙයි. ආණ්ඩුවේ මන්තී‍්‍රවරයෙක් කියලා තිබුණා, ජවිපෙ රාජපක්‍ෂ කල්ලියේ ¥ෂිතයින් එක්ක එකතු වෙලා විශ්වාසභංගයට ඡුන්දය දුන්නා කියලා. එහෙම කියන ආණ්ඩුවේ අයම රාජපක්‍ෂ පාලනයේ හොරුත් එක්ක අද කැබිනට් එකේ ඉන්නවා. බලය වෙනුවෙන් හොරු එකතු කරගෙන හදාගත්තු ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුව රාජපක්‍ෂ පාලනය කාලයේ කරපු දේවල්ම කරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අපිට අනන්‍ය වූ දේශපාලනයක් තිබෙනවා. අපි හැමදාමත් ඉන්නේ ජනතාවගේ පැත්තේ. විශ්වාසභංගයට ඡුන්දය පාවිච්චි කළෙත් ජනතාවගේ පැත්තේ ඉඳලයි. ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි 145ක් පෙන්නලා දිනුවා කියලා කියනවා, නමුත් මේ රටේ ආර්ථිකය දැන් බිඳ වැටෙන එක නැවතිලා නැහැ. ජනතාව ණය උගුලේ හිරවෙන එක නැවතිලා නැහැ. ජනතාව මත පටවපු වැඩි බදු අඩුවෙලා නැහැ. මෙහි ප‍්‍රධාන කොටස්කාරයන් වුණු කණ්ඩායමේ නායකයා වුණු, මහින්ද රාජපක්‍ෂ විශ්වාසභංගයට ඡුන්දය දෙන්න ආවේ නැහැ. එයට අත්සන් කරලත් නැහැ. මහින්ද රාජපක්‍ෂ හැම වෙලාවෙම කියනවා මේ ආණ්ඩුවේ ආර්ථීක ක‍්‍රමය වැරදියි කියලා. එහෙම නම් විශ්වාසභංගයට ඡුන්දය දෙන්න ආවේ නැත්තේ ඇයි? මේකෙන් අපිට තේරෙනවා මේ අයගේ ඞීල් මොනවද කියලා. වංචා ¥ෂණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ අඩාල වෙන්නේ ඇයි කියලා දැන් ජනතාවට තේරෙනවා. ඇමතිවරුන්ට වාහන දෙන්නේ ඇයි කියලා දැන් ජනතාවට තේරෙනවා. ඒ නිසා ඇත්ත ඞීල් සම්බන්ධයෙන් මුළු රටම දැනගත්තා.

යම්කිසි චෝදනාවකට දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් ලක් වෙන්නේ නම් කිසිදු බේදයකින් තොරව ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. කලින් හිටපු ඇමතිවරුන්ට චෝදනා ගණනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒවගේම එම ඇමතිවරුන්ගේ නියෝග මත කටයුතු කරපු නිලධාරීන් ප‍්‍රමාණයකටත් එම චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඔවුන්ට නීතියෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න එපා කියලා පෙත්සමක් ඉදිරිපත් කළ පමණින් විමර්ශන නවත්වන්න බැහැ. ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන් නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි. රජයේ නිලධාරීන් සාතිශය බහුතරයක් ¥ෂිතයන්ට  එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වීම බලාපොරොත්තුවෙන් සිටිනවා. කොහොමත් ඇමතිවරයා කියූ පමණින්  ඕනෑම කටයුත්තක් කරන්න නිලධාරීන්ට පුළුවන්කමක් නැහැ. පවතින නීතිය අනුව ඔවුන් කි‍්‍රයාත්මක විය යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *