ජනාධිපතිගේ පොරොන්දුව රකින්න අද විදුලි කැපීම නවතා දමයි

අද සිට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට ජනාධිපතිතුමා රටට පොරොන්දුවක් දී ඇති නිසා අද දින කලින් සැලසුම් කළ විදුලිය කැපීම ක්‍රියාත්මක නොකරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි,

ඒ අනුව විදුලිය නොකපා සිටීමට හෝ විදුලි කැපීම අවශ්‍යතාව අනුව අවම මට්ටමක පවත්වා ගැනීමට ක්‍රියා කරනු ඇති බව එම කොමිසන් සභාව නිවේදනය කරයි.

අද දින පය හතයි විනාඩි තිහ බැගින් විදුලිය කැපීමට සැලසුම් කොට තිබිණි.

කොමිසම කියන්නේ එම විදුලි කැපීම නොකර සිටීමට හෝ පැය ගණන අඩු කිරීමට හෝ ක්‍රියා කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *