ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය අහිමි කරන සැලසුමක් ! 113 ත් නැතිවෙයි !!

 

ආණ්ඩුවේ බලය දරන කණ්ඩායම වන බැසිල් පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි කිරීමේ සැලැස්මක් ආණ්ඩුවේ ම කණ්ඩායම් කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට යන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 150 කගේ පමණ වූ බහුතර බලයක් මේ වනවිට ඇත. එයින් කැරලිකාර පක්ෂ 11 ක මන්ත්‍රීවරුන් 30 ක් වන  පිරිස ඉවත් වුවහොත් ඉතිරි වන්නේ 120 කි. 113 ක බහුතරය අහිමි කිරීමට තවත් අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරුන් 8 දෙනකු පමණී.

ප්‍රේමනාත් දොලවත්ත, විදුර වික්‍රමනායක මන්ත්‍රීවරුන් දෙදෙනා කැරලිකාර කණ්ඩායමේ බදාදා රැලියට ද සහභාගී වී සිටියහ. සුසිල් ප්‍රේමජයන්ත, ව්ජයදාස රාජපක්ෂ මහත්වරුන් ඇතුළු තවත් විස්සකට අධික පිරිසක් කලකිරීමෙන් සිටින බව කියති. ( ඇතැම් නම් ලැබී ඇතත්, හෙළිදරව් කළ නොහැකි ය. ) එම පිරිසෙන් දහ දෙනෙකු ඉවත් වුව ද , ආණ්ඩුවට බහුතරය අහිමි වන බවට ගණන් බලා ඇත.

ශ්‍රීලනිප පිරිසක් රඳවාගෙන සහ මුස්ලිම් පක්ෂවල පිරිස රැගෙන ආණ්ඩුව බහුතරය රැක ගැනීමට උත්සහ දරුව හොත් එය ද අසාර්ථක කිරීමට වැඩ කටයුතු සිදුකොට ඇති බව කියති.

මෙම සැලසුම කුමන අවස්ථාවේ කෙලෙස ක්‍රියාවට නගන්නේ ද යන්න දැනගන්නට නැත.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ බහුතරය තමන් සමග බව ක්‍රියාවෙන් පෙන්වීමට සුදානම් බව සිය අමාත්‍යංශයෙන් සමුගත් අවස්ථාවේ උදය ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමතිවරුන් නෙරපීම මත වාසු හෝ අන් කිසිවකු ඉවත් නොවුයේ මෙම සැලසුමට අනුව නිශ්චිත මොහොතේ ඉදිරි පියවර ගැනීමට බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *