සම්පුර්ණයෙන් නවත්තන්නැයි ජනාධිපති කී දිනයේ පැය හතක් විදුලිය කපයි !

හෙට (මාර්තු 5 ) සිට විදුලිය කැපීම සම්පුර්ණයෙන් නවත්වන ලෙස පසුගිය සඳුදා පැවති කැබිනට රැස්වීමේ දී ජනාධිපතිතුමා උපදෙස් දී තිබිය දී හෙට දිනයේ පැය හතක විදුලි කැපීමක් ක්‍රියාත්මක කිරීමට ලංවිම ය මහජන උපයෝගිත කොමිසමේ අවසරය ලබාගෙන ඇත.

එමෙන් ම ඉදිරි දිනවල ද විදුලි කැපීම සිදුවන බව ද නිවේදනය කොට තිබේ.

සඳුදා කැබිනට රැස්වීමේ දී ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව හෙට සිට විදුලිය නොකැපීමට ක්‍රියා කරන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ද වාර්තා වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *