විදුලියට ඩොලර් මිලියන 150 දෙන්න ජනාධිපති ම මැදිහත් වෙයි

දින හැටක් නොකඩවා විදුලිය දෙන්න මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා සිටි ඩොලර් මිලියන 150 ක මුදල ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වී ඇති බව වාර්තා වෙයි.

මහජන උපයෝගිත කොමිසම අද නිවේදනය කළේ අඛණ්ඩව විදුලිය ලබා දීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට සහතිකයක් ලබා දුන් ජනාධිපතිතුමා අවශ්‍ය මුදල් සපයන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට නියෝග කළ බවයි.

මහජන උපයෝගිත කොමිසම ගණන් බලා ඇත්තේ දින හැටක් නොකඩවා විදුලිය දීමට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 150 ක් පමණක් බවයි.

අඛණ්ඩව විදුලිය දීමට අවශ්‍ය මුදල් දෙන ලෙස ජනාධිපතිතුමා අවස්ථා කිහිපයක දී මහ බැංකුවට නියෝග කළ ද ඒ අනුව මුදල් ලබා දීම සිදු වුයේ නැත.

තතු දත් අංශ කියන්නේ රටේ කිසිදු විදේශ විනිමය අර්බුදයක් නැතැයි කියන මහ බැංකුවට මෙම මුදල දීමට පවා මුදල් නැති බව යි.

මහ බැංකුවේ විනිමය පාලන ප්‍රතිපත්ති පිළිබඳව ආණ්ඩුව තුලින් ම දැඩි විවේචන එල්ල වන බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *