එල්ලය වරද්දා ගත් බූස්ටර් ප්‍රචාරය – අනුර කේ එදිරිසූරිය 

බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව පොළඹවා ගැනීමට ආණ්ඩුවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබේ. මේ දිනවල ප්‍රචාරය කෙරෙන දැන්වීම පමණක් වුව ඒ බව තහවුරු කරන්නට ප්‍රමාණවත්ය. බූස්ටර් එන්නත ලබා ගැනීම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. ඒ සඳහා ඔවුන්  අමුතුවෙන්  උද්‍යෝගිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබිය නොහැකිය. නමුත් ජනතාව බූස්ටර් එන්නතට කැමැත්තක් නැත.එන්නත නිසා මදසරු බව ඇතිවේය ආදි වශයෙන්  පවතින විවිධ මත ද ඊට බලපා ඇති බව පෙනේ. එවැනි ප්‍රචාර වලට නො රැවටෙන්නැ යි සෞඛ්‍ය අංශ කොතෙක් කීව ද ජනතාව ඊට ඇහුම්කන් දෙන බවක් නො පෙනේ. හේතුව ආණ්ඩුවේ ප්‍රකාශ පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී තිබීමය. ඇතමකුගේ මතය වන්නේ කොමිස් ගැසීමේ අරමුණින් ආණ්ඩුව බූස්ටර් මාත්‍රා තොග පිටින් ආනයනය කර , ඒවා කල් ඉකුත් වීමට නියමිත බැවින් , ඊට පෙර ජනතාවට එන්නත් කිරීමට උත්සාහ කරන බවයි. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයන සිද්ධිය වැනි හේතු නිසා ජනතාව එවැනි මත පිළිගැනීමට මැළි නොවෙති.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත් කල  ආණ්ඩුව මුල පටන් කටයුතු කළේ ජනතා විශ්වාසය බිඳ වැටෙන අයුරිනි. මුලදී ආණ්ඩුව එන්නත පසෙක ලා තෙල් බෙහෙත්කාරයන් පසුපස ගියේය. එතැනින් ද නතර නොවී මුට්ටි ගඟට දැමීම ආදි කෙම්පහන් ද කළේය. එන්නත් ආනයනය කල් දැමීම හේතුවෙන් අඩු පිරිවැයකින් එන්නත් ගෙන්වා ගැනීමේ අවස්ථාව ද මෙරටට මඟහැරුණි.  සෞඛ්‍ය අංශවල දක්ෂ නිලධාරින් කොවිඩ් මර්දන කටයුතු වලින් පසෙකට කර ආණ්ඩු හිතවාදීන් අදාළ ස්ථාන වලට අනුයුක්ත කළේය. අවශ්‍ය  අවස්ථාවේ රට අගුලු නො ලෑම , සංචරණ සීමා නො පැනවීම ආදිය  හේතුවෙන් රට වැසීමට මූලිකව ක්‍රියාකරන්නට වෙළෙඳ සංගම් සහ වෘත්තීය සමිති වලට සිදුවූ බව ද ජනතාව දනිති.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත් කල  ආණ්ඩුව මුල පටන් කටයුතු කළේ ජනතා විශ්වාසය බිඳ වැටෙන අයුරිනි. මුලදී ආණ්ඩුව එන්නත පසෙක ලා තෙල් බෙහෙත්කාරයන් පසුපස ගියේය. එතැනින් ද නතර නොවී මුට්ටි ගඟට දැමීම ආදි කෙම්පහන් ද කළේය. එන්නත් ආනයනය කල් දැමීම හේතුවෙන් අඩු පිරිවැයකින් එන්නත් ගෙන්වා ගැනීමේ අවස්ථාව ද මෙරටට මඟහැරුණි.  සෞඛ්‍ය අංශවල දක්ෂ නිලධාරින් කොවිඩ් මර්දන කටයුතු වලින් පසෙකට කර ආණ්ඩු හිතවාදීන් අදාළ ස්ථාන වලට අනුයුක්ත කළේය.

තවත් අවස්ථාවක, එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දිය යුතු පිරිස සම්බන්ධව වෛද්‍ය මත ඉක්මවා හිතුවක්කාරීව හැසිරෙනු ද දක්නා ලදී. එන්නත්කරණ මධ්‍යස්ථාන වලට දේශපාලකයන් විසින් ටෝකන් ලබා දී පිරිස් එවීම , පිටස්තර ප්‍රදේශ වලින් පැමිණි පිරිස් වලට පටිපාටියෙන් පරිබාහිරව එන්නත් ලබාදීම , නිරෝධායන ඇඳිරි නීතියට දේශපාලකයන් ඇඟිලි ගැසීම ආදි කරුණු ද එන්නත්කරණ වැඩසටහන පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටීම කෙරෙහි බලපා තිබේ.

ඉන්ධන ප්‍රශ්නය , විදුලි බල අර්බුදය සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත  ගත් කල වුව ජනතාවට ආණ්ඩුව විශ්වාස කළ හැකි තත්ත්වයක් නැත. ආණ්ඩුව මුලදී පුනපුනා කීවේ , ඛනිජ තෙල් අර්බුදයක් සහ විදුලිය අර්බුදයක් පිළිබඳ වෘත්තීය සමිති පළ කළ අනාවැකි බොරු බවයි. මේ වන විට වෘත්තීය සමිති නිවැරදි බවත් ආණ්ඩුව බොරු කියා ඇති බවත් ජනතාවට අවබෝධ වී තිබේ.

අලුත් ම ආරංචිය ඊළඟ කන්නයට කුඹුරු වලට අවශ්‍ය රසායනික බන්ඩි පොහොර ගෙන්වීමට ආණ්ඩුවේ අවසරය ලැබී ඇති බවයි.කාබනික පොහොර කර තබාගෙන ගිය, එසේම , කාබනික ඔන්ලි යැයි කියූ ආණ්ඩුව රිවස් ගියරයට මාරු වුවා පමණක් නොවේ, ලබාදුන්  කාබනික පොහොර වල ගුණාත්මක බව අඩු බව සහ කාබනික හේතුවෙන් අස්වනු අඩු බව  වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නට ද පටන් ගෙන තිබේ.

ඊළඟ කන්නයට කුඹුරු වලට අවශ්‍ය රසායනික බන්ඩි පොහොර ගෙන්වීමට ආණ්ඩුවේ අවසරය ලැබී ඇති බවයි.කාබනික පොහොර කර තබාගෙන ගිය, එසේම , කාබනික ඔන්ලි යැයි කියූ ආණ්ඩුව රිවස් ගියරයට මාරු වුවා පමණක් නොවේ, ලබාදුන්  කාබනික පොහොර වල ගුණාත්මක බව අඩු බව සහ කාබනික හේතුවෙන් අස්වනු අඩු බව  වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නට ද පටන් ගෙන තිබේ.

ගෑස් අනතුරු වලට හේතු වන ආකාරයට ගෑස් ප්‍රමිතිය වෙනස් කිරීම වැනි පියවර ද ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුය.බූස්ටර් එන්නත ගන්නැයි ජනතාවට කන්නලව් කරන දැන්වීම් පළ කරන්නට ආණ්ඩුවට  සිදුව ඇත්තේ , මේ සියල්ලේ පලයක් වශයෙනි.

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ සැලසුම් සහගත නොවන බව ඔප්පු කරන සාධකයක් වශයෙන් ද බූස්ටර් එන්නත් ප්‍රචාරක දැන්වීම හැඳින්විය හැකිය. හේතුව , බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව මන්දෝත්සාහී වන හේතු ආමන්ත්‍රණය කිරීමට හෝ ඒවා හඳුනාගැනීමට  අදාළ ප්‍රචාරක දැන්වීමට හැකිව නැති වීමය. නිදසුනක් වශයෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව උනන්දු නො වන්නේ එමගින් මද සරු බව ඇතිවේය ; එනම් , දරුවන් ලැබීමේ හැකියාව නැතිවේය යන අදහසින් නම් ප්‍රචාරක වැඩසටහන ඉලක්ක කළ යුත්තේ ඒ මතය නැති කිරීමටය. නමුත්,අදාළ ප්‍රචාරක දැන්වීම කියන්නේ “ආදරයට ඉඩ දෙන්න , ජීවිතයට ඉඩ දෙන්න ” ආදි කතන්දර වගයකි.

කොරෝනා වසංගතය නිසා තම නිදහසට බාධා එල්ල වී ඇති බව හෝ කොරෝනා නැති තත්වයක , අහිමි වූ නිදහස යළි ලැබෙන බව ජනතාවට අමුතුවෙන් කියා දිය යුතු නැත. අනෙක , බූස්ටර් එන්නත් මාත්‍රාව  ගත් පමණින් සියල්ල නිරාකරණය වන්නේ නැති බව ද ජනතාව දනිති.  ⁣ඇතැම් රට වල එන්නත් සිවු වන මාත්‍රාව ද ලබා දෙන බව ඔවුන්  දන්නා බැවිනි. මේ මොහොතේ සෞඛ්‍ය අංශ උත්සාහ ගන්නේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නට ජනතාව පෙළඹවීමට නම් කළ යුත්තේ එය ලබා ගැනීමෙන් ජනතාව වැලකී සිටින හේතු වැරදි සහගත බව පෙන්වා දීමය. එම අරමුණ ඉටුකර ගත හැකි ප්‍රචාරක දැන්වීමක් සකස් කිරීමය.

 

 අනුර කේ එදිරිසූරිය

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *