මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි


 

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.

විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නොමැතිවීම ගැටලුවට හේතුව බව කී රත්නායක මහතා පැවසුවේ මෙය විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් වීම නිසා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, මහ බැංකුවට දුන් උපදෙස් ක්‍රියාත්මක නොවන බවත්ය.

විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය වියයුතු රුපියල් බිලියන 40 න් බිලියන 25 ක් සහ මහා භාණ්ඩාගාරය බිලියන 30 ක් ලෙස රුපියල් බිලියන 55 ක් දෙන්නේ නම් විදුලිබල ගැටලුව අවසන් වන බව ද සභාපතිවරයා කීය.

ඉන්ධන නොමැතිවීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදනය කරන විදුලිබලාගාර අක්‍රීය වීම විදුලි කප්පාදුවට හේතුව බවත් අඛණ්ඩව විදුලිය සැපයීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වීම නිසා ඉන්ධන අර්බුදයෙන් විදුලිය කප්පාදු නොකර සිටීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

යොහාන් භාසුර

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *